සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන, ගල් අගුරු හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ලිපිලේඛන පස්සට දින දැමීමක් (Backdating) සම්බන්ධයෙන් කියැවෙන මතභේදාත්මක හඬ පටය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අද දින (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත මෙම ලිඛිත පැමිණිල්ල භාර දෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අදාළ හඬ පටය තුළින් ගල් අගුරු මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා හා දූෂණ පිළිබඳ බරපතළ සැකයක් මතු වන බවයි.
ගල් අගුරු හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරයට අදාළ Bid Bond ලේඛන පස්සට දින දමා සකස් කර ඇති බව අදාළ හඬ පටයෙන් අදහස් වන බව මන්ත්‍රීවරයා පවසයි.
අදාළ හඬ පටයේ කතා කරන පුද්ගලයා විසින් ජනාධිපතිවරයා, ධම්මික පෙරේරා, නාමල් සහ මොහාන් වැනි පුද්ගලයින්ගේ නම් සඳහන් කරන බැවින්, මෙය ලංකා කෝල් ආයතනයේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ එකක් දැයි සාධාරණ සැකයක් පවතින බව ලිපියේ දැක්වේ.
ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විටත් දූෂණ චෝදනා එල්ල කර ඇති අතර, අදාළ විෂය භාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පවා ඉදිරිපත් වී තිබූ බව රහුමාන් මහතා සිහිපත් කරයි.
"මෙම හඬ පටයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා, කිසියම් පාර්ශ්වයක් නීති විරෝධී ලෙස කටයුතු කර මෙම වංචාවට සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය."
මෙම මතභේදාත්මක හඬ පටය හේතුවෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති බැවින්, එහි සත්‍යතාව හෙළි කර ගැනීම රජයේ වගකීමක් බව ද මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් අවධාරණය කර සිටියි.
වැඩක් නෑ වලං හෝදන එකානේ ඉන්නේ.
ReplyDeleteමුජිබර් ගේ බිස්නසුයි දම්මික පෙරාගේ බිස්නස් අවුලක් ආවා ලගදි සොලර් ප්‍රොජෙට් එකකට...
ReplyDeleteඒකයි මේ...
ඕවා රෙකෝඩින්ග් දාගෙන කතා කරන්න පිස්සු වෙන්න ඔනී
වැඩි කල් යන්න කලින් විපක්ශේම ගල් අගුරු වෙලා යනවා ..
ReplyDeleteආන්ඩුව ලකුණු දාගන්නවා..
ඔන්න බලපල්ල තව මාස 2 කින්...
විපක්ශේ මල විකාර කියවනවා කිසිම සංවිදානාත්මක බවක් නෑ