IPL යන්න දෙන්නැයි නුවන් තුෂාර ක‍්‍රිකට් ආයතනයට නඩු දමයි..


2026 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවිය යුතු අවිරෝධතා සහතිකය (NOC) ලබාදෙන ලෙස බලකරමින් වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. 

ඔහු විසින් මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ ගොනු කර ඇත.

අද දින (අප්‍රේල් 02) මෙම පෙත්සම සලකා බැලීම සඳහා අධිකරණය හමුවේ කැඳවන ලද අතර, එහි ඉදිරි කටයුතු අප්‍රේල් මස 09 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

ක්‍රීඩකයා විසින් ඉදිරිපත් කළ මෙම නඩුවට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා මහතා (සභාපති), බන්දුල දිසානායක මහතා (ලේකම්), සුජීව ගොඩලියද්ද මහතා (භාණ්ඩාගාරික), ඈෂ්ලි ද සිල්වා මහතා (ප්‍රධාන විධායක නිලධාරී) ඇතුළු ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කිරීම හරහා තමන්ට මෙවර IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට පවතින බාධාවන් ඉවත් කරගැනීම අපේක්ෂාව වී ඇත.

2 Comments

  1. ඌට කීයක් හරි හොයාගන්න තියන චාන්ස් එකත් වලත්ත සම්මි සිල්ව උදුරගන්නව. ජරා වැඩ ඕවා

    ReplyDelete
  2. Shammi silvay , mun seramay elawala dala school set ekak demma nam meeta wediya hohay...e dawaswala puka uda dagena ke gahapu anura kumarayath elawala danna ona ikmanata...den shammi anurayatath eralada koheda???

    ReplyDelete
Previous Post Next Post