මේ දිනවල විදුලි පරිභෝජනය අවම මට්ටමක පැවතීම සැලකිල්ලට ගෙන, අද (14) පස්වරු 3.00 වන තෙක් තම සූර්ය පැනල පද්ධති ක්‍රියාවිරහිත කරන ලෙස නිවෙස්වල සූර්ය බලශක්ති ඒකක ස්ථාපිත කර ඇති පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෙම ඉල්ලීමට පාදක වී ඇත්තේ පද්ධතිය තුළ පවතින ඉල්ලුම සහ සැපයුම අතර තුලිතතාව පවත්වා ගැනීමයි.
විදුලි ජාලයේ ක්‍රියාකාරීත්වය වඩාත් සුරක්ෂිත මෙන්ම විධිමත් මට්ටමක පවත්වාගෙන යාම සඳහා සහය වන ලෙස EDL (Private) Limited සහ NSO (Private) Limited ආයතන සූර්ය බලශක්ති උත්පාදකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
