ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “Walk For Peace” සාම පාගමන වැඩසටහන මෙවර රාජ්‍ය අනුග්‍රහය සහිතව 2026 අප්‍රේල් 21 වන දින සිට 28 වන දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය විසින් මෙහෙයවනු ලබන මෙම සාම පාගමන සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද වැඩම කරවීමට නියමිතය.
මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් දායකත්වය සපයයි. මීට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ද මෙම වැඩසටහනට පූර්ණ සහාය දක්වනු ලබයි.
මෙම පාගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන්, සාම්ප්‍රදායික ශිල්ප සහ දේශීය කලා විශේෂාංග ලෝක ප්‍රජාව වෙත ප්‍රචලිත කිරීම ද එක් අරමුණකි.
නිල කාලසටහනට අනුව වැඩසටහන ආරම්භ වන්නේ අප්‍රේල් 21 වැනිදා අලුයම අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට වැඩම කිරීමෙනි. එදිනම පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බෝධි අංකුරය පූජා කිරීමේ සහ රුවන්වැලි සෑය අසල ආගමික වතාවත් පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් 28 වන දින පෙරවරුවේ කැළණි විහාරයේදී පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, එදිනම පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවය පැවැත්වේ. එහිදී පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ වෙත බෝධි අංකුරය පූජා කිරීම සිදු කෙරේ.
අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ පෙරහැරක් පවත්වා එදින රාත්‍රියේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන "We are the Design" වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය. වැඩසටහන අවසානයේ භික්ෂූන් වහන්සේලා මැයි මස 01 වන දින ආපසු ඇමරිකාව බලා වැඩම කිරීමට නියමිතව ඇත.

පිටරට හාමුදුරුවන්ගේ සාම පා ගමන් ලංකාවේ බෞද්ධයන්ට ඕන නෑ. මේවා බටහිර කපටි සැලසුම්.
ReplyDeleteහරිනිගෙ වැඩක්. ගිය සැරේ ආව වෙලේ ආන්ඩුව උන්වහන්සේලාව ගනන් ගත්තෙ නෑ කියල තිබුනා. දැන් 2වෙනි පාරට එන්නෙ රජයේ කැත වහගන්න
ReplyDeleteකොහෙ ගියත් කමක් නෑ කොළඹ පහුකරගෙන උතුරට එහෙම යනවා නෙමෙයි. ලපයාට අනුව උතුරට යනවා කියන්නේ නැති ගැටලු ඇති කරන්න හදනවා කියන එක.
ReplyDeleteඅනේ නෑ, අනුරාධපුරේට විතරයි. තහනම් කලාපෙට යන්නෙ නෑ
Delete