ලක්‍ෂ 12ට Vitz කාර් දෙන හැටි මුදල් නි. ඇමති කියයි..


 මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි රුපියල් ලක්ෂ 12 ක මුදලකට Toyota Vitz වර්ගයේ මෝටර් රථයක් මෙරට ජනතාවට ලබා ගැනීමට ඇති අවස්ථාව සලසා දෙන්නේ කවදාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ජනතාවගේ වාහන සිහිනය සැබෑ කරමින්, අඩුම තරමින් ලක්ෂ 12 කටවත් වාහනයක් මිලදී ගැනීමට ජනතාවට හැකි වන්නේ කවදාදැයි විපක්ෂ නායකවරයා මෙහිදී රජයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු ලබා දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ලබා ගැනීම සහ එම වෙළෙඳපොළ නිර්මාණය වීම ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ සිදුවන්නක් බවයි.

2026 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ ඇතුළුව වාහන 1,78,000 ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත්, වාහන සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම සඳහා මාස තුනක කාලයකට ඇතැම් තීරණ ගැනීමට රජයට සිදු වූ බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

එම බාහිර බලපෑම් එල්ල නොවූයේ නම් ආර්ථිකය මීට වඩා ප්‍රසාරණය වීමට ඉඩ තිබූ බවත්, දශක ගණනාවක් තිස්සේ පැවති ගැටලු එකවර විසඳිය නොහැකි වුවද ඉදිරියේදී ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමඟ ක්‍රමිකව මෙම තත්ත්වයන් යහපත් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

6 Comments

  1. ආච්චිට හාල් ගරාපිය පිස්සු උට්ටා.

    ReplyDelete
  2. අනිල් ජයන්ත හුත්තො, තොපි වාහනේ මිල වගේ හතර ගුණයක් රුපියල්වලින් බදු එකහු කොරගන්න රටේ ඩොලර් ටික ඉවක් බවක් නැතිව පිට කොරන්න ඉඩ ඇරල දැන් පයියක් කියවනව. තොපි රුපියල් එකතු කළා, යකඩ ගොඩවල් ටිකක් රට ඇතුළට ආවා, ඩොලර් ටික අතුරුදන් වුනා. දැන් අමුඩ ගහගනින් තොගෙ පකේ.

    ReplyDelete
    Replies
    1. නියමය් මචන් මුන්ට අමතන්න ඕනේ මේ විදියට තමය්

      Delete
  3. මුන් ඔක්කොම puken කතා කරන්න දක්ෂයෝ.

    ReplyDelete
  4. මුන් ඔක්කොම puken කතා කරන්න දක්ෂයෝ.

    ReplyDelete
  5. ඒක දවසයි. ඊයෙ ඩ්ඩොලර් එක 330/= ට තිබුණ එක අද 333/=. මෙයාගෙත් උපාධිය ගැන සැකයි මේ වෙන දේවල් එක්ක කියන දේවල් වලට. රුපියල් එකතු කරනවා. ඒත් සංසරණයක් නැහැ. දූෂණ නෑ කියලා භාණ්ඩාගාරයෙන් අරන් ආයෙ ඒකට රිටර්න් කරනවා. සුද්ධ කරනව කියලා පේන්ට් කර කර යනවා. අනේ මන්දා. තාම රේල් පාර හදා ගන්න බැරි උණා. ඒත් කගිය නම්....
    මේ අය අපේ රටට කොටින්ට වැඩි හානියක් කරලා යන්නෙ.

    ReplyDelete
Previous Post Next Post