අලුත්ම සමීක්‍ෂණයෙන් ජනමතය අනුරට ඩබල් වෙයි.. සජිත්ට තිබුන එකත් නෑ..


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය සහ ක්‍රියාකලාපය පිළිබඳව මෙරට ජනතාවගෙන් 75.5%ක ඉහළ ප්‍රසාදයක් පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක ඒකකය මගින් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

'ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය' මැයෙන් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා ප්‍රසාදය පවතින්නේ 29.4%ක මට්ටමකය. විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව 64.9%ක් අතෘප්තිය පළ කර ඇති අතර, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම අගය 23.3%ක් තරම් අඩු මට්ටමක පවතී.

ජනාධිපතිවරයා කෙරෙහි වැඩිම ප්‍රසාදයක් පළ කර ඇත්තේ වතු දෙමළ ප්‍රජාව (94.4%) සහ මුස්ලිම් ප්‍රජාව (93.4%) විසිනි. සිංහල ප්‍රජාව අතර ජනාධිපතිවරයා කෙරෙහි පවතින ප්‍රසාදය 69.9%කි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාවගෙන් 81.6%ක් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව සතුට පළ කර ඇති අතර, ග්‍රාමීය ජනතාව අතර එම අගය 76.4%ක් ලෙස සටහන් වේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සහ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව ජනතාවගෙන් 51.6%ක් සතුට පළ කරති. මේ සම්බන්ධයෙන් වැඩිම විශ්වාසයක් මුස්ලිම් (73.3%) සහ වතු දෙමළ (72.2%) ප්‍රජාවන් තුළ පවතින අතර, සිංහල ප්‍රජාව අතර එම අගය 46.4%කි. එමෙන්ම ජාතික ජන බලවේගය සතු කාර්යක්ෂම පාලනයක් ගෙන යාමේ හැකියාව පිළිබඳව 62.8%ක ජනතාවක් විශ්වාසය පළ කර ඇත.

ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් ජනමතය බෙදී පවතින බව සමීක්ෂණය පෙන්වා දෙයි. ඒ පිළිබඳව 45.3%ක් සතුට පළ කරන අතර 44%ක් අතෘප්තිය පළ කරති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට 64.1%ක බහුතරයක් එකඟතාව පළ කර ඇතත්, එය වහාම ආරම්භ කළ යුතු බව පවසන්නේ 23.6%ක් පමණි.

මීට අමතරව, ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව 68.6%ක් සතුට පළ කර ඇති අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බව 67%කගේ මතය වී තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240ක් යොදාගෙන මැයි 23 සිට ජූනි 18 දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය පවත්වා ඇත.





Majority of Sri Lankans Approve President Anura Kumara Dissanayake's Leadership, Poll Reveals

A recent survey conducted by the Centre for Policy Alternatives (CPA) reveals that a significant 75.5% of the population expresses approval for the governance and activities of President Anura Kumara Dissanayake. This finding underscores a strong level of public confidence in his leadership.

The survey, which focused on "Trust in Democratic Governance," shows a stark contrast when evaluating the performance of Opposition Leader Sajith Premadasa, who holds a mere 29.4% approval rating. Meanwhile, a considerable 64.9% of respondents expressed dissatisfaction with his actions, a figure that is notably higher than the 23.3% dissatisfaction rate directed toward the President.

The levels of approval for President Dissanayake are particularly high among the plantation Tamil community, at 94.4%, and the Muslim community, at 93.4%. In the Sinhalese community, approval stands at 69.9%. Notably, among the youth aged 18-29, 81.6% showed satisfaction with the President’s leadership, while 76.4% of rural populations shared similar sentiments.

On the topic of the government's efforts to investigate the Easter Sunday bombings and bring those responsible to justice, 51.6% of the public expressed approval. Within this context, the Muslim (73.3%) and plantation Tamil (72.2%) communities demonstrated the highest levels of confidence, in contrast to 46.4% among the Sinhalese community. Additionally, 62.8% of respondents believe in the capability of the National People's Power to govern effectively.

However, opinions on managing the cost of living are divided; 45.3% express satisfaction while 44% express dissatisfaction. While a majority of 64.1% advocates for the abolition of the executive presidential system, only 23.6% believe that this process should commence immediately.

Furthermore, the survey indicated that 68.6% are satisfied with the government's disaster relief and rehabilitation efforts, and 67% consider it crucial to hold provincial council elections.

Conducted between May 23 and June 18, the survey included the participation of 1,240 individuals from all 25 districts of the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

36 Comments

  1. Mey sameekshanaya karala thiyenne, Thun wela anungen kana jeppek.

    ReplyDelete
    Replies
    1. 2029 කෝටියයි.. ආයි ඒකෙ දෙකක්.. නැ.. ලියලා තියාගන්න..

      Delete
    2. අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාවගෙන් 81.6%ක් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව සතුට පළ කරා කියන්නෙ ඉතිං මේකේ වැළලෙන හැට පැන්න වල ගැට්ටේ ඉන්න බයි හැතිකරේ ගැන ලොවෙත් බය වෙන්න දෙයක් නෑ කියන එකයි.

      Delete
    3. Mey sameekshanaya karala thiyenne, Thun wela anungen kana jeppek.-- Tkiak Ridila wage...Oka thama pako attha...AKD is a Brand

      Delete
    4. පාක්‍යසෝති සරවනමුත්තු ගේ න්
      NGO එක. ඕකේ නේද හරිනි වැඩ කෙරුවේ?ඔය මිනිහා නේද කොටින් වෙනුවෙන් යුද්ද කාලෙ කඩේ ගියේ දැන් පැහැදිලියි අනුර කුමාරට උදවු කරන්නෙ කවුද කියලා

      Delete
    5. ඔය සමික්සන වලිං කියන දේ ඇත්තද නැත්තද කියල තමන්ටම දැන ගන්න පුළුවන්. පොඩ්ඩක් එලියට බැහැල දහ පහළොස් දෙනෙක්ට කතා කරල බලන්න. නැතුව මේ පඩංගු කාරය ලියන දේ විතරක් කියව කියව ඉන්න උන්ට නං මේවා කැළණි නයින්ට ප්ලාස්ටික් බෝතල් වගෙ.

      Delete
    6. කෝ බං අර වැලිකඩ නියත ජනපති? උගේ හෙන සමීක්ෂණ කණ්ඩායමක් හිටිය නේද මේකෙ??? නියත හුයත ජනපති ගගා? කෝ???

      Delete
    7. මෙම ආයතනය පිළිබඳ කෘතීම බුද්ධිය යොදා විමසූ කළ පිළිතුර වූයේ. No, there is no registered Non-Governmental Organization (NGO) or global entity officially named "Trust in Democratic Governance."

      A thorough search of international NGO registries, foundation databases, and civil society listings confirms that this specific sequence of words does not belong to a distinct corporate or charitable organization.

      Delete
    8. ආ මේ බැහැල ඉන්නෙ සමීක්ෂණ කණ්ඩායමේ එකම සාමාජිකයා. හැමදාම වගේ ජාතිවාදය,ආගම්වාදය ඉස්සරහට දාගෙන.

      කොටි නිකං නැගිටිනව නැගිටිනව වගේද සිරිපාල?

      Delete
    9. JVP-MALIMA වහල් මානසිකත්වයJuly 15, 2026 at 12:36 PM

      ජේවිපි මාලි-මා වහල්ලුන්ට මොන දේ වැරදි කියල පෙන්නුවත් උන් දෙකට නැවිලා පොක පලාගන්නෙම ලප පච කොටාට කියලා . වහල් මානසිකත්වය

      Delete
  2. Replies
    1. ඔච්චර ජනමතයක් තියෙනවා නම් පළාත් සභා ඡන්දය නොතියා ඉන්නේ ඇයි? අනුර භය වුනු පාර පකයසොති සරවනමුත්තුට සල්ලි දීලා රිපෝට් එකක් ලියවාගෙන.

      Delete
  3. provintial council election is the answer

    ReplyDelete
    Replies
    1. yes NOW WE can have the election

      FOR SURE


      ජනාධිපතිවරයා කෙරෙහි වැඩිම ප්‍රසාදයක් පළ කර ඇත්තේ වතු දෙමළ ප්‍රජාව (94.4%) සහ මුස්ලිම් ප්‍රජාව (93.4%) විසිනි.


      Delete
  4. Who runs the CPA?

    ReplyDelete
  5. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (මෙය වෙන රටවල මුදලින් සහ කොටි ඩයස්පෝරාවේ මුදලින් යැපෙන රජය නොවන සන්විදනයක්) පාක්‍ය සොත්ති සරවනමුත්තු (අනුවර්තන නාමය "පි සරා") Dr. Paikiasothy Saravanamuttu, who heads the Centre for Policy Alternatives. මු චන්ද්‍රිකාගේ සහෝදරි සුනේත්‍රා බන්ඩාගේ නාකි කොල්ලා. මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් එවුන් හැමදාම කෙරුවේ ලංකාවට වින කටින එක. යුද්දේ කරන වෙලාවේදී මු එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ල රාජපක්සල සහ හමුදාව ගැන බොරු කියුවා. චන්ද්‍රිකා රාජපක්සලගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගන්න මේ විකල්ප කොටියෝන්ව බාවිතා කෙරුව සහ අදත් කරමින් සිටිනවා..ඔය සමික්ෂන් වාර්තාවෙන් මිනිසුන්ගේ මොළ හෝදන්න හදනවා ලංකාවේ විපක්ෂයක් හෝ විපක්ෂයේ බුමිකව රඟදක්වන අනෙකුත් පක්ෂවලට තැනක් නැහැ කියලා පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට සල්ලි දෙන්නෙ ලක්ස්මන් ද? මයින ද? නැත්නං අර නන්නත්තාර වෙලා ගිය දෙවනි ලංකට් ද?

      Delete
  6. ඊයේ පෙරේදා ඉපදුණු ගොන් හරකා රටේ වූ දේවල් දන්නේ නෑ

    ReplyDelete
  7. Replies
    1. ජවිපාවුන් ඇවිඳින පුස්තකාලවලට කොහොමත් ගනිතය බැහැ

      76 වසරක සාපය = ගණන වැරදී
      2026 - 76 = 1950
      ලංකාවට නිදහස ලැබුනේ 1948
      ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
      ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී
      2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්

      Delete
    2. ඒ වගේද බං අර දෙකයි දෙකයි එකතු කලත් සීයට පහළොවක් මට ඕන කියපු මොළ හතානෝ ආර්ථික ඔස්තාර්???

      Delete
    3. YAKO

      TOTAL = 104.9%


      Delete
  8. හරිණි කියන්නේ චන්දිකගේ දකුණු අත. චන්ද්‍රිකාලු ඩයස්පෝර කොටි, හුන්දඩුවත් එක්ක එකතුවෙලා රනිල්ටයි රජපස්ක්සලටයි කෙලවන්න හදන්නේ - අතන මෙතන ඇහෙන කථා

    ReplyDelete
  9. ජෙප්පන්ගෙ රැස්වීමකට පැලවත්තට ආපු 104. 9 දෙනා ඡන්දෙ දීපු විදිය තමයි ඕක.. දශම 9 බික්කුච්චන්ගෙ.

    ReplyDelete
  10. ගෑස් සිලින්ඩරයක් ගන්නවත් සල්ලි නැති කාලේ, මාස කිහිපයකින් තමන්ගේම විශ්‍රාම වැටුප් පවා අහෝසි කරලා ඉතිරි කළ මුදල්වලින් අධිවේගී මාර්ග හදලා, ඒ මාර්ග බීවයිඩී (BYD) වාහනවලින් පුරවා දැමූ ජෙප්පෝ, “දිත්ථ” කියලා හඳුන්වපු මහසෝනා ඉදිරියෙවත් අඩියක් පස්සට නොගියහ. ඉතිහාසයේ දවසක මේ කතාව “අතිශය විශ්වාස කළ නොහැකි ආර්ථික ප්‍රබන්ධ” යටතේ සටහන් වෙන්නත් පුළුවන්!

    එපමණක් නොව, යුද්ධය නිසා තෙල් සැපයුම අඩාල වූ වෙලාවෙත් ඉන්ධන පිරවුම්හල් ඉන්ධනෙන් පුරවලා තැබූ ජෙප්පෝ, දැන් “එල් නිනෝ” කියන අලුත් මහසෝනා කරළියට එනකම් මයික්‍රෝ බස්වලින් ගමන් කරමින් බලා සිටිති. මයික්‍රෝ බස්වලින් යන ගමන් ඒ අයගේ එකම ප්‍රශ්නය: “ඊළඟ මහසෝනා මොන නමෙන් එයිද?” 😄

    ReplyDelete
  11. Me welawa hondai palath sabaha chandaya thiyanta. Janapriya nisada samupakara paradinne?Kotinge sanganana.

    ReplyDelete
  12. Sajth puthe numba nadan, sathuran numbata wihilukarala. Pakse inna borukakul karayo, kakka pada dapu aya saha dushithayo suddakarala gaththoth jeppo paradai.

    ReplyDelete
  13. වරෙල්ලා 75 දෙන්නම්.

    ReplyDelete
  14. නියමයි.පළාත්සභා මැතිවරණය දැන් තියමු නේහ්

    ReplyDelete
  15. එක දෙක වෙලා නම් පලාත් සභා ඡන්දෙ තියපන්කො. එදාට එක දෙක කෙසේ වෙතත්, අන්රගේ වල්ල බිම තියෙයි.

    ReplyDelete
  16. 75+29
    109 .9 yak thiyana jana nayakaya punchage wesige putha. ane huke api nodanna hora pacha nayake disanayaka padda?



    ReplyDelete
  17. හරි බොහොම හොඳයි

    එහෙනම් මේක තමයි පළාත් සභා මැතිවරණ පවත්වන්න හොඳම වෙලාව

    ReplyDelete
  18. Centre for Policy Alternatives (CPA) is a tiger paw. Anyone knows that.

    ReplyDelete
  19. මේ සමීක්ෂණය කරලා තියෙන්නේ අර පාක්‍යසෝති සරවනමුත්තු කියන NGO කුක්කා.

    ReplyDelete
  20. ආණ්ඩුවේ ජන මතය කොච්චර අඩු වෙලා ද කිව්වොත්, මේ වගේ බොරු වාර්තා හදලා දාන තත්වයට පත්වෙලා. පව් ඉතින්.

    ReplyDelete
  21. ට්‍රම්පච්චි ඇවිත් USAID නැවත්තුවාට පස්සේ පයියසොත්තියා ඩයි මයිනා ගෙන් ගාන කාපා ගෙන තමයි දැන් ජීවත් වෙන්නේ

    ReplyDelete
Previous Post Next Post