දකුණු ආසියානු කලාපයේ පවතින යුදමය බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ආකාරයේ දැවැන්ත ආරක්ෂක ගනුදෙනුවකට පාකිස්ථානය සහ චීනය එළඹෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව, චීනයේ නිෂ්පාදිත අතිනවීනතම 'HQ-19' මිසයිල නාශක පද්ධතිය ලබාගැනීම සඳහා පාකිස්ථානය අමෙරිකානු ඩොලර් බිලියන 12ක දැවැන්ත ආයෝජනයක් කිරීමට සූදානම් වේ.
මෙය නූතන දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ සිදුවන වඩාත්ම තීරණාත්මක ආරක්ෂක ගනුදෙනුව ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති.
මෙම 'HQ-19' පද්ධතියේ විශේෂත්වය වන්නේ අධිවේගී බැලස්ටික් මිසයිල සහ හයිපර්සොනික් යානා පවා අහසේදීම විනාශ කිරීමේ හැකියාව පැවතීමයි. ඉන්දියාව සතු 'බ්‍රහ්මෝස්' වැනි සුපර්සොනික් මිසයිල සහ අනෙකුත් නවීන අවිවලින් එල්ල විය හැකි තර්ජන මැඩපැවැත්වීම සඳහා පාකිස්ථානය මෙම පද්ධතිය යොදාගැනීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, චීනයේ නිෂ්පාදිත J-35A ස්ටෙල්ත් ප්‍රහාරක යානා සහ KJ-500 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානා ද සිය ආරක්ෂක ව්‍යුහයට එක්කර ගැනීමට පාකිස්ථානය සූදානම් වේ.
2025 ජුනි මාසයේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ ‘සින්දූර්’ මෙහෙයුමට අදාළ දින හතරක ගැටුමේදී, පාකිස්ථානයේ පවතින ගුවන් ආරක්ෂණ පද්ධතිවල (HQ-9B වැනි) යම් යම් දුර්වලතා පවතින බව නිරීක්ෂණය විය. එම අඩුව පුරවා ගැනීම සඳහා අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය මෙම නව ආරක්ෂක පවුර නිර්මාණය කිරීමට චීනය සමඟ සාකච්ඡා වේගවත් කර තිබේ.
මෙම ගනුදෙනුව හරහා ඉන්දියන් සාගර කලාපය තුළ චීනයේ ආරක්ෂක සහ නිරීක්ෂණ බලය තවදුරටත් ව්‍යාප්ත වනු ඇත. පාකිස්ථාන හමුදා නිලධාරීන් මේ වන විටත් චීනය තුළ මෙම පද්ධති ක්‍රියා කරවන ආකාරය පිළිබඳ පුහුණුව ලබමින් සිටින බව වාර්තා වේ.
ඉන්දීය මිලිටරි සැලසුම්කරුවන්ට අනුව, පාකිස්ථානය තුළ මෙවැනි පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් අනාගතයේදී සිදුවිය හැකි සාම්ප්‍රදායික යුද ගැටුමකදී ඉන්දියාවට පවතින ගුවන් ආධිපත්‍යයට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත.

Way to go ...... there should not be Super powers in and around the SL Ocean
ReplyDeleteහයිපසොනික් මිසයිල xx කරන්න පුළුවන් තාක්ෂණයක් ලෝකේ කිසිම රටකට නෑ
ReplyDeleteහයිපසොනික් මිසයිල intercept කරන්න පුළුවන් තාක්ෂණයක් ලෝකේ කිසිම රටකට නෑ
ReplyDelete