කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, වත්මන් රජය විශාල පිරිවැයක් දරමින් ගොවීන්ට සහන සැලසීමට කටයුතු කරන බවයි.
විශේෂයෙන්ම පෞද්ගලික සමාගම්වලින් රුපියල් 15,640ක් වැනි ඉහළ මිලකට මිලදී ගන්නා පොහොර මිටියක්, කිසිදු ප්‍රවාහන ගාස්තුවක් හෝ අමතර කොමිස් මුදලක් අය කිරීමකින් තොරව රුපියල් 10,200ක සහන මිලකට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අදාළ ගොවීන්ට ලබා දීමට රජය කටයුතු කර ඇති බව ඒ මහතා අවධාරණය කළේය.
වී මිල පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය රජය රුපියල් 105ක් ලෙස වී මිල නියම කළද ඔවුන් වී මිලදී ගැනීමට කටයුතු නොකළ බවයි. එහෙත් වත්මන් රජය රුපියල් 120, 130 සහ 140 වැනි ඉහළ මිල ගණන් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත්, ඉදිරි යළ කන්නය සඳහා ද පිරිවැය ගණන් බලා ගොවියාට සාධාරණයක් වන අයුරින් වී මිල තීරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය,.
රටේ සහල් වෙළඳපොළ පිළිබඳව අදහස් දක්වමින් කරුණාරත්න මහතා සඳහන් කළේ පොදුවේ ගත් කල රටේ සහල් හිඟයක් නොමැති බවත්, විශේෂයෙන්ම නාඩු සහල්වල අතිරික්තයක් පවතින බවත්ය.
කෙසේ වෙතත්, කීරි සම්බා සහල්වල පවතින හිඟයට විකල්පයක් ලෙස පොන්නි සම්බා යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවත්, එය දැන් පාලනය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

හැමදාම එහෙම තමයි
ReplyDelete