කොළඹ කොටස් වෙලදපලෙන් බිලියන 25ක විදෙස් ආයෝජන ඉවත් කරගනී..


පසුගිය අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන හැසිරීම සහ දර්ශකයන්ගේ වෙනස්වීම් පිළිබඳ වාර්තාවක් ඇම්බියොන් සිකියුරිටිස් සමාගම විසින් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.33ක් ලෙස සටහන් වේ.

එම මාසයේ ගනුදෙනු සිදු වූ දින අතුරින් දින තුනක් හැර සෙසු සෑම දිනකදීම වාර්තා වී ඇත්තේ විදේශීය ආයෝජන පිටතට ගලායාමකි.

මේ අනුව, 2026 වසරේ මුල් මාස හතර අවසානයේදී වාර්තා වන සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාම රුපියල් බිලියන 25.13කි.

විදේශීය ආයෝජන ඉවතට ගියද, අප්‍රේල් මාසය තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 6.78ක වර්ධනයක් පෙන්නුම් කළේය.

මීට අමතරව, S&P Sri Lanka 20 දර්ශකයද සියයට 5.65ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

අප්‍රේල් මාසයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,655ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 4,706ක පිරිවැටුම හා සැසඳීමේදී සියයට 22ක පසුබෑමකි


3 Comments

  1. අඩේ... දර්ශක ඉහළ යනවා ගනුදෙනු වැඩි වෙනකොට. විදේශ ආයෝජකයෝ විකුණලා යනකොට වැඩි වෙනවා තමයි. පස්සේ තමයි බින්දුවට වැටෙන්නේ. දේශීය ආයෝජකයෝ ගනු දෙනු කරොත් වැටෙන්නේ නැතිව තියෙයි.

    ReplyDelete
    Replies
    1. ගොං කතා කියන්න එපා බම්

      Delete
  2. Ranil nan කොළඹ කොටස් වෙලදපලෙ padekata ganan gaththe na. Othana pennanne boruvak.

    ReplyDelete
Previous Post Next Post