විදුලිය දෙන්න සමාගම් කෝටි 2700ක් ඉල්ලයි.. තැන තැන නොදන්වා විදුලි කපයි..


ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට කඩා වෙන් කිරීම හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය තුළ දැඩි පාලනයක් විරහිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, එම සමාගම් පවත්වාගෙන යාම සඳහා ජනතාවගෙන් කෝටි 2700ක අමතර මුදලක් ඉල්ලා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, විදුලිබල මණ්ඩලය කඩන්නට ඉඩ නොදෙන බවට පොරොන්දු වූ පාලකයන් අද වන විට එය කොම්පැණි හතරකට කඩා වෙන් කර ඇති බවයි. 

මෙලෙස වෙන් කිරීම නිසා එක් සමාගමක් කරන දේ පිළිබඳව අනෙක් සමාගම නොදන්නා තත්ත්වයක් උදාවී ඇති අතර, මේ හේතුවෙන් සමස්ත විදුලිබල ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

නොදන්වා විදුලිය කැපීම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ කොළඹ නගරයේ පවා අද වන විට දැනුම් දීමකින් තොරව තැනින් තැන විදුලි කප්පාදුවක් සිදු වෙමින් පවතින බව රණවක මහතා අනාවරණය කළේය. 

විදුලිබල ක්ෂේත්‍රය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අදාළ සමාගම් විසින් රුපියල් කෝටි 2700ක අතිරේක මුදලක් ඉල්ලා ඇති බවත්, එම බර අවසානයේ මෙරට පීඩිත ජනතාව මතම පැටවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ගල්අඟුරු වංචාව සහ වෘත්තීය සමිති මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ගල්අඟුරු වංචාවේ පාඩුව ජනතාව මත පටවන්නේ නැති බව පැවසුවද, අවසානයේ එම සියලු පාඩු පියවා ගැනීමට සිදුව ඇත්තේ ජනතාවටම බවයි. 

එසේම, ඇතැම් නායකයන් අද වන විට කප්පම් ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබා ගනිමින් ජනතාව පාවා දෙන තත්ත්වයට පත්ව ඇති බවටද චෝදනා කළේය

4 Comments

  1. කුම්බලා මාලු කෑවනම් විඳපන් බලලෝ!

    ReplyDelete
  2. earlier profit+ lost could distribute in between generation, distribution, etc

    Now no more possible

    ReplyDelete
  3. ලයිට් කපන කතාව ඇත්ත. හිටපු ගමන් දවසට දොපාර කපනවා. යන්නේ 8 9 වගේ table වෙලාවට. ,,msg දාන්නේ system failure කියලා 😅

    ReplyDelete
  4. කොහොමත් system පේල් තමයි.මේ යන විදියට රටම විනාශ වේවි

    ReplyDelete
Previous Post Next Post