ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීම් සඳහා භාවිත කරනු ලබන විදේශ විනිමය අනුපාතය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු නිවේදනය කර ඇති පවතින වෙළඳපොළ සාමාන්量 විනිමය අනුපාතයට වඩා ඉහළ මට්ටමක පවතින බව 'නිදහස් නීතිඥයෝ' (Free Lawyers) සංවිධානය පවසයි.
එම සංවිධානය අද (26) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2026 මැයි 25 සිට මැයි 29 දක්වා කාලය තුළ සිදු කෙරෙන සියලුම රේගු ගනුදෙනු සඳහා ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 351.17ක් ලෙස ගණනය කිරීමට රේගු දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කර ඇති බවයි.
මෙම අනුපාතය වත්මන් බැංකු පද්ධතිය තුළ පවතින සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව එම සංවිධානය පෙන්වා දෙයි.
මහ බැංකුව අන්තර් බැංකු විනිමය මැදිහත්වීම් හරහා ඩොලරයේ අගය පහළ මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කරන පසුබිමක, රජයේ ප්‍රධානතම ආදායම් උත්පාදන ආයතනයක් වන රේගුව මෙලෙස ආනයන කටයුතු සඳහා ඉහළ විනිමය අනුපාතයක් දිගින් දිගටම භාවිත කිරීම ගැටලුසහගත බව නිදහස් නීතිඥයෝ සංවිධානය චෝදනා කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ගණන් සෘජුවම ඉහළ යා හැකි අතර, එහි අවසන් බර පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවට ද ඔවුහු අනතුරු අඟවති.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි රේගු ගනුදෙනු සඳහා භාවිත කරන විනිමය අනුපාතය වත්මන් වෙළඳපොළ අනුපාතයන්ට ගැළපෙන සේ සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස එම සංවිධානය මහ බැංකුවෙන් ඉල්ලා සිටියි.
'නිදහස් නීතිඥයෝ' සංවිධානයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ එහි ප්‍රධාන විධායක නිලධාරී රාජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.


හපොයි මේ පච කොටෙක් දාගෙන කර ගත්ත වින්නැහියක්, මෙලෝ දෙයක් දන්නෙ නෑ රටට ආර්ථිකයට වෙන්නෙ මොනවද කියල 159න් එකෙක්වත් දන්නෙ නෑ. ඔක්කොම වැඩ ටික පැත්තකින් තියල නාමල්ගෙ පොඩි දරුව පාස්කු ප්‍රහාරෙට සම්බන්ධද කියල හොයල බලපන්. ඊට පස්සෙ පුළුවන් රටේ ප්‍රශ්න ගැන හොයල බලන්න
ReplyDeleteමේ අය හොඳටම ananawa.
ReplyDeleteමේ අය හොඳටම ananawa.
ReplyDeleteActually what these morons are doing ? Government buggers do what they need.
ReplyDelete