නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ මිල දර්ශකයේ සඳහන් වන එළවළු මිලට හාත්පසින්ම වෙනස්ව කිලෝවක් රුපියල් හතළිහක් පනහක් වැනි අඩු මුදලකට වෙළඳුන් විසින් ගොවියන්ගෙන් මිලදී ගන්නා බව ගොවිජනතාව චෝදනා කරති,
ගොවි ප්‍රජාව මේ ගැන කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දිගින් දිගටම සිදුවන මිල මාෆියාව පිළිබඳව (06) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,
වැඩිදුර අදහස් දැක්වූ ගොවියන් මෙසේද කියා සිටියේය ,
පවතින ආර්ථික තත්ත්වය හමුවේ එළවළු කිලෝවක් වගා කරන්නට වැය වන මුදල ඉතා අධිකයි ,
උදාහරණයක් හැටියට අල කිලෝවක් වගාකරන්න රුපියල් දෙසීයකට වැඩිය මුදලක් වැය වෙනවා ,
අනෙකුත් එළවළු ගත්තහම රුපියල් 150ක් 200ක් අතර මුදලක් වැය වෙනවා කිලෝවක් වගා කරන්න ,
එසේ නමුත් එළවළු වලට ස්ථීර මිලක් ලබා දෙන්නේ නැතුව එළවළු අපෙන් ගන්නෙ රුපියල් සීයට එකසිය පනහට ,
එළවළු වලට මිලක් නිර්ණය කරලා අවම මිල තමයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බෝඩ් එකේ ප්‍රදර්ශනය කරන්නේ ,
මේකේ තියෙන සෝචනීයම තත්ත්වය තමයි බෝඩ් එකේ ගහලා තියෙන මිලටත් වඩා කිලෝ එකට රුපියල් පනහක් හතළිහක් වගේ අඩු කරලා තමයි අපෙන් මුදලාලිලා මිලදී ගන්නේ ,
අපට සැකයක් තියෙනවා මෙම මුදල් වලින් ගොවියන් වන අපිත් නොවන ව්යාපාරිකයෙනුත් නොවන පිරිසක් කොමිස් ලබා ගන්නවා කියලා ,
ඒ දේශපාලන අධිකාරියද රාජ්‍ය නිලධාරීන්ද කියන එක අපි දන්නේ නැහැ මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ,
ඒත් එක්කම අපි රජයෙන් ඉල්ලනවා එළවළු වලට ස්ථීර මිලක් ලබා දෙන්නට හැකි පමණින් කටයුතු කරන ලෙස හා ඒ වගේම ලබා දෙන මිලටම ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්න කියලා ,
ගොවි ජනතාව ගැන හිතල වැඩ කරන රජයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
ගොවීන් අකන චෝදනා පිළිබඳ නුවර එළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වයෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ මිල දර්ශකයේ සඳහන් මිල ආර්ථික මධ්‍යස්ථානයට ගොවියන් විසින්ම එළවළු ගෙනවිත් භාර දෙන්නේ නම් ලබා දිය හැකි වන අතර ව්‍යාපාරිකයන් සේවකයන් සමඟ වගා බිම් වලටම ගොස් එළවළු එක් රැස් කිරීම වෙනුවෙන් දරුණු ලබන වියදම කිලෝවක් සඳහා ගෙවන මුදලින් රුපියල් දහයක් සිට විස්සක් දක්වා වර්තමානයේ පවතින සේවක පඩිය හා ඉන්ධන මිල ගණන් අනුව අඩු කිරීමට කටයුතු කරන බවයි ,
ඉන්ධන වල මිල ගණන් වෙනස්වීම මත එම මුදල ඇතැම් අවස්ථාවල වෙනස් වෙන්නද බවද ඔවුන් පැවසීය ,
හැකිතාක් දුරට එම මුදල අවම කර ගොවියාගේ අතට වැඩි මුදලක් ලබාදීමට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය කටයුතු කරන බවද ඔහුන් වැඩිදුරටත් පැවසීය .
ආර්.එෆ්.එම්.සුහෙල්

ලංකා අල සිල්ලර මිල 400/= ඔය කියන විදිහට අතරමැදියන් අල කිලෝවකින් රු.250/= ආසන්න මුදලක් ගන්නව. වෙලඳ ඇමති වරයාගේ විෂය පථය!... හොඳ දේශීය සහ ආනයනික සහල්වල තත්ත්වය මීට අන්තයි.
ReplyDeleteඅතරමැදියෝ තමයි ලාබ ගන්නේ. ඕක හදන්න බැරි දෙයක්. බස් පඛ්ඛුවගේ ඕකුනුත් සාපයක්.
Deleteබමිබුව තමයි ආසියාවේ වැඩිම එළවළු මිල තියෙන්නේ ලංකාවේ. ඒකට හේතුව ගොවියන්ට වඩා ගොවි කොම්පැනි තියෙන්නේ. කොත්තමල්ලි කොළ, චයිනීස් ගෝව , දෙහි, අවාරෙට කොම්පැනි කාරයො අධික මිල ගනන් වලට විකුණනව. රුපියල් දෙසියට තියන දෙහි දාහට විකුනන්නේ එහෙම තමයි. ඉන්දියාවේ, බංග්ලාදේශ, තායිලන්තයේ, කිසිම එළවළුවක් ලංකාවේ මුදලින් රුපියල් දෙසීයට වඩා යන්නේ නැහැ.
ReplyDeleteප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි .....
ReplyDeleteචතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.
ReplyDelete