වාහන ආනයන රේගු බද්දට 50%ක අධිභාරයක් අද සිට පැනවේ... වාහන ඛාණ්ඩ මෙන්න..

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන තේරී පත්කරගත් මෝටර් වාහන සඳහා රේගු ආනයන බද්ද මත 50% ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර ඇත.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් රේගු ආඥා පනතේ 10A වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර තිබේ. 

මෙම නව බදු සංශෝධනය 2026 මැයි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහා බලපැවැත්වේ.

අදාළ සියලුම වාහන සඳහා සාමාන්‍ය සහ මනාප යන පදනම් දෙකම යටතේ පවතින රේගු ආනයන බද්ද මත 50% ක අතිරේක අධිභාරයක් අය කෙරේ.

2026 මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි මගින් ආනයනය කරනු ලබන වාහන සඳහා මෙම නව අධිභාරය අදාළ නොවන බව නිවේදනයේ සඳහන් වේ.

මෝටර් රථ, බස් රථ සහ වෑන් රථ, භාණ්ඩ ප්‍රවාහන වාහන සහ ගිලන් රථ, ඉඩම් වාහන, හයිබ්‍රිඩ් වාහන සහ පූර්ණ විදුලි වාහන ද මෙම අතිරේක බදු කාණ්ඩයට ඇතුළත් වේ.

අදාළ ගැසට් නිවේදනය 2026 මැයි මස 15 වැනි දින නිකුත් කර ඇති අතර, එය මෝටර් වාහන ආනයන ක්ෂේත්‍රයේ මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1 Comments

  1. now together shall we cover the lost due coal deal, lost due blind signatures for hackers, highest coal price

    ReplyDelete
Previous Post Next Post