මහා භාණ්ඩාගාරයේ මුදල් ගනුදෙනුවකට අදාළව වැඩ තහනමට ලක්ව සිටියදී සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ නිලධාරී රංග නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශයන් අසත්‍ය බවත් ඒවා විමර්ශන නොමග යවන සුළු මට්ටමක පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්ය.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, මෙම මරණය සම්බන්ධයෙන් එල්ල වන සැකය ආණ්ඩුව දෙසට යොමු වී ඇති බවයි.
ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමටත් පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය සියදිවි හානි කර ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම හරහා පරීක්ෂණ මණ්ඩලයට කිසියම් ප්රබලයෙකුගේ බලපෑමක් එල්ල වී ඇති බවට සාධාරණ සැකයක් මතු වන බව ද ඔහු පවසා තිබුණි. මියගිය නිලධාරියාගේ බිරිඳ විසින් මරණය සැක සහිත බවට කළ පැමිණිල්ල සහ පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොවීම වැනි කරුණු පහක් පදනම් කර ගනිමින් තමන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ මියගිය නිලධාරියාගේ බිරිඳ පොලිසියට විරුද්ධව මරණය සැක සහිත බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවයි.
මෙම පරස්පර ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඉදිරියේදී නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත අතර, අනතුරුව ඔහුව කුලියාපිටිය අධිකරණයේ පවත්වන මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි දීමට කැඳවීමට ද නියමිතව ඇත.
විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව මෙම මරණය තමා විසින්ම සිදු කරගත් තුවාල හේතුවෙන් සිදු වූවක් බවට නිගමනය කර ඇති බව පොලිසිය පවසයි.

Wow he will get really scared. you jvp bastards have become so desperate to make such moves .These sort of foolish intimidations only make you guilty in the eyes of the public
ReplyDeleteපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ මියගිය නිලධාරියාගේ බිරිඳ පොලිසියට විරුද්ධව මරණය සැක සහිත බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවයි.
Deleteඇඟිලි සලකුණු වාර්තාව ලැබීමටත් පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය සියදිවි හානි කර ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම
දැන්නම් මුන්ට හොඳටම පිස්සු දේව ශාපය වැදිලා .මෙහෙම තමයී ආණ්ඩු යන කාලේ ඉක්මන් කර ගන්නේ .උන් දන්නවා අපි දන්නවා මේ ප්‍රශ්න කිරීම නිකං වටිනා කාළය නාස්ති කිරීමක් බව මෙක කෙරුවා කියලා ගම්මන්පිල භය වෙන්නේ නෑ ඔහු හිරේ ගියත් ආණ්ඩුවට සෙතක් වෙන්නේ නෑ .තව තවත් පිරිහෙනව විතරයි
ReplyDeleteවුට්ලර් බට්ලර් ඉල්ලන් කන්ඩයි යන්නෙ.
ReplyDeleteවුල්ටර් ගොය්යා දන්නේ නැද්ද ගම්මන්පිල මොනවා හරි කියන්නේ ඒකට මොනවත් කරන්න බැරි වෙන විදියට කියල.
ReplyDeletehe is right. Ajith Perera drafted document in the parliament, she suspicious her husband tragedy. kuliyapitiya or kurunagala head medical officer reported to court. that's the document table to parliament... lieers will stand for liers. we stand for the justice....
ReplyDeleteයකෝ ප්‍රශ්න කරන්න දේවල් මෙච්චර තිබෙද්දී ඔකද දැන් ලොකුම දේ.
ReplyDeleteයකෝ ප්‍රශ්න කරන්න දේවල් මෙච්චර තිබෙද්දී ඔකද දැන් ලොකුම දේ.
ReplyDeleteපැලවත්තේ වැඩ ගැන අපට ප්‍රශ්නයක් නෑ
ReplyDelete