නාවලපිටිය නගරය ජලයෙන් යට වෙයි..


 නාවලපිටිය ප්‍රදේශයට (08) දින පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ, නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය ඇතුලු මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

(08) දින පස්වරු පැයක පමණ කාලයක් වර්ෂාව පැවති බවත්, වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය තුලින් බැස නොයෑමෙන් මෙසේ වැසි ජලයෙන් යට වූ බවයි අප වාර්ථාකරු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post