මෙරටට පෞද්ගලිකව ආනයනය කරනු ලබන වාහන සඳහා පනවා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හේතුවෙන් 2024 මැයි මාසයේ සිට වාහන මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.
මෙම නව බදු සංශෝධනයට අනුව, වාහනයක රේගු වටිනාකම (CIF Value) සහ ඒ සඳහා ගෙවිය යුතු සමස්ත බදු එකතුවේ (Total Tax) මුළු අගය මත 2.5% ක SSCL බද්දක් ගණනය කෙරේ.
මෙය 'බද්ද මත පැනවූ බද්දක්' ලෙස ක්රියාත්මක වන අතර, මේ හේතුවෙන් වෙළඳපොළේ පවතින ජනප්රිය වාහන මාදිලි රැසක මිල රුපියල් ලක්ෂයක සිට ලක්ෂ අට දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පෞද්ගලික වාහන ආනයනයේදී අලුතින් එකතු වන SSCL බදු මුදල් ප්රමාණයන් පහත පරිදි වේ.
- RAV4 Hybrid (Plugin Z): රුපියල් 800,000.00.
- RAV4 Hybrid (Adventure / GR Sport): රුපියල් 712,000.00 සිට 810,000.00 දක්වා.
- Corolla Cross (Hybrid GR / Z): රුපියල් 478,000.00 සිට 510,000.00 දක්වා.
- Toyota DGH 223B (Super GL): රුපියල් 362,000.00.
- Vezel (RS / Z / Play): රුපියල් 301,000.00 සිට 350,000.00 දක්වා.
- Yaris Cross (MXPJ10 GR Sport / Z): රුපියල් 272,000.00 සිට 305,000.00 දක්වා.
- Raize 1.2L Hybrid: රුපියල් 212,000.00 සිට 227,000.00 දක්වා.
- Roomy (Custom GT / GT / G): රුපියල් 183,000.00 සිට 215,000.00 දක්වා.
- Raize 1.0L (Z / G / X / S): රුපියල් 135,000.00 සිට 202,000.00 දක්වා.
- Kia Sonet (GTX+ / HTX): රුපියල් 160,000.00 සිට 187,000.00 දක්වා.
- Toyota Yaris 1.0L (G / X): රුපියල් 159,000.00 සිට 168,000.00 දක්වා.
- Toyota Taisor (V / S): රුපියල් 137,000.00 සිට 168,000.00 දක්වා.
- Suzuki Fronx (Alpha / Zeta): රුපියල් 156,000.00 සිට 164,000.00 දක්වා.
- Nissan Dayz (HS / X): රුපියල් 137,000.00 සිට 165,000.00 දක්වා.
- Wagon R (Hybrid / Custom): රුපියල් 128,000.00 සිට 153,000.00 දක්වා.
- Daihatsu Mira (G / X / L): රුපියල් 114,000.00 සිට 130,000.00 දක්වා.

V8 හඳුන්නෙත්ති මොඩ්ල් එකේ ගාන කීයක් වැඩි වෙනවද දන්නේ නෑ.
ReplyDeleteHil jangiyak adagena enna?
Deleteහිතෙන හිතෙන බදු ගහලා ජනතාවගේ සාක්කුවට කෙලින එක ඇරෙන්න මූන්ගේ ආණ්ඩුවට කිසිම ආර්ථික සංවර්ධන සැලැස්මක් නැහැ. අවුරුදු එක හමාරට තවම රටට ඩොලර් එන එක ලොකු project එකක්වත් පටන් අරගෙන නැහැ. කයිවාරුව විතරයි.
ReplyDelete