මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වලට (15) දින මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවාඩු ලබා දී ඇත.
හැටන් කලාපයේ ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් පවතින අයහපත් කාලගුණ තත්වය පිලිබද හැටන් වැඩ බලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය දැනුවත් කිරිමෙන් පසු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය විසින් ඒ පිලිබදව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමෙන් පසුයි (15) දින හැටන් කලාපයේ සියලුම පාසල් නිවාඩු ලබා දීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තිරණය කර ඇත්තේ.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාසල් 137ක් පාලනය කෙරෙ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, වලපනේ, හගුරන්කෙත, නුවරඑලි යන කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන විදුහල්පතිවරුන්ට පවතින කාලගුණය අනුව අවශ්‍ය තීරණය ගැනිමට මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පියවර ගෙන ඇත.
- රංජිත් රාජපක්ෂ
