යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල න්‍යාය පත්‍රයට යටත් කරන බවට චෝදනා කරමින්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (15) දින අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ කරුණු විමසා සිටියේය.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, නවලිබරල් ව්‍යාපෘතියේ ගෝලීය නියෝජිතයන් ලෙස සැලකෙන ලෝක බැංකුව (World Bank), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත පදනම් වූවක් බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් දිගින් දිගටම චෝදනා කරයි.
වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, අදාළ මූල්‍යාධාර මතම ආරම්භ වූවක් බවට පැහැදිලි තොරතුරු පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා පදනම් වූ ගිවිසුම්, කොන්දේසි සහ ලබාගෙන ඇති මූල්‍යාධාර පිළිබඳ සත්‍ය තොරතුරු මහජනයා වෙත හෙළිදරව් කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
ඒ අනුව, මීට අදාළ ලිඛිත තොරතුරු ඉල්ලා සිටීම සඳහා අද දින තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීම සිදු විය.
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ගෝලීය න්‍යාය පත්‍රය මෙරට තුළ ක්‍රියාවට නැංවීමට රජය දරන උත්සාහය පරාජය කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය කරුණුමය සාධක රැස්කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණ බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස පෙනී සිටින තවත් සිසුන් කණ්ඩායමක් මේ වන විට මල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාගේ යයි පැවසුනු නිවස අල්ලාගෙන එහි පදිංචි වී සිටියි.
මේ සම්බන්ධයෙන් විමසූ විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු මදුශාන් චන්ද්රජිත සඳහන් කළේ එම නිවස අත්පත් කරගෙන සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නොව ආණ්ඩුවේ ශිෂ් සංගමයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් බවයි

ඉත්තො.
ReplyDeleteහුන්ඩුවාගෙ වැඩ අම්මපා. ටිල්වින් ඉවරයි
ReplyDeleteay ban hema ekatama tilvin alla ganne..
Deletehe is not even minister ???????????
Jepponta jathakawechcha awajathaka kalakanni samastha jathiyatama barak. mey wesa haththa awurudu 76k ma rata passatama adagena giya. mungey olu visabeeja walin purawala thiyenne. kawadahari wagakeemak bara gaththa dawasata mungey sithum pathum melo rahak naha. ammek/thaththek/rata/agama/jathiya aduranney nathi amuthuma jeevin kotasak bawata mungey oluwa hadila thiyenne. aney apey rata.
ReplyDeleteThe country is ruling by a comedian and these clowns are supporting him.
ReplyDelete