කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන තොරතුරු රැසක් හෙලිවේ.. ඝාතනයක්ද, සිය දිවි නසා ගැනීමක්දැයි පරීක්‍ෂණ...


 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද
(08) උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවසේදී මියගොස් සිටියදී හමු විය.

කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ දෙවන මහලේ නාන කාමරයක දොරේ එල්ලී ඔහු සියදිවි හානිකරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අසල පිහිටි පෞද්ගලික රෝහලක සේවකයෙකු ලබාදුන් තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළේය. මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම සහ ඇපකරුවන් පිළිබඳ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, ඔහුව යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (07) වරෙන්තු නිකුත් කර තිබුණි.

පසුගිය 05 වැනිදා ඔහුට ඇප හිමි වුවද, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනා ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොමැති පිරිසක් බව හෙළි විය. එම ඇපකරුවන් දෙදෙනා දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එයාර් බස් ගුවන් යානා ප්‍රසම්පාදන ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දීර්ඝ කාලීන විමර්ශනයක් ක්‍රියාත්මක විය.

සිය බිරිඳගේ නමින් බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් අරඹා, සිංගප්පූරු බැංකු ගිණුම් හරහා යුරෝ දාහතර ලක්ෂයකට අධික මුදලක් ලබාගත් බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබුණි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී පසුගිය මාර්තු 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගත් අතර දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

මෙම අල්ලස් මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුම්වලට සහ එවකට සිටි අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

6 Comments

  1. ජෙප්පො කියන්නෙ ලක්ශ ගාණක් මරපු මිනීමරු කල්ලියක් කියල නොදැනද මෝඩ බයියො උන්ට කතිර කෙටුවෙ

    ReplyDelete
    Replies
    1. අතීතයේ මැර කංඩායමක් දැන් පාලනය කරන සමයක මෙවැනි දේවල්ම නිතර නිතර ඇසීම පුදුමද?

      Delete
    2. අනේ පල ඩෝ. ජේවීපිය බලය ගත්ත නිසා තමයි පරණ හොරු බය වෙලා ඉන්නෙ. තෙල් රුපියල් දහදාහක් වුනත් අපිට මේ ආණ්ඩුව රන්වන්.

      Delete
    3. තෙල් නැතිවෙයි කියල අපිව බය කොරපු විපස්සෙ උන්ට කට උත්තර නෑ. ජනතා ආණ්ඩුව අගේට තත්ත්වය කළමනාකරණය කරපු නිසා කොහොම හරි කැවුම් බදින්නත් තෙල් තිබ්බ.

      Delete
    4. කෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ. කපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.

      Delete
  2. බල නහර හෝ එල්ලීම වගේ සිද්ධියක් නම් නියත වශයෙන්ම ජේවීපී වැඩක්. රාජපක්ශල කළා නම් එක්කො වෙඩි තියාගත්ත වගේ පෙන්වනව නැත්නම් හුණු පෝරණුවට.

    ReplyDelete
Previous Post Next Post