තවත් ආණ්ඩුකාරවරුන් අස්වෙයි..?


 බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කිරීමත් සමඟ, තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී සිය ධුරවලින් ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි ලන්ඩනයේ වෙසෙන උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දී තිබේ.

නව රජය විසින් ආණ්ඩුකාර ධුර සඳහා දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවන ස්වාධීන පිරිස් පත් කරනු ලැබුවේ, තමන් පාක්ෂිකයන්ට තනතුරු ලබා නොදෙන බව ප්‍රසිද්ධියේ පෙන්වීමට වුවද, එහි සැබෑ අභ්‍යන්තර තත්ත්වය වෙනස් එකක් බව කුරුකුලසූරිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුකාරවරුන් ස්වාධීන පුද්ගලයන් වුවද, ඔවුන් යටතේ සේවය කරන ලේකම්වරුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරීන්ගෙන් පත් කර ඇති බවයි.

 මෙම ලේකම්වරුන් හරහා ආණ්ඩුකාරවරුන්ව පාලනය කිරීමට හා හැසිරවීමට උත්සාහ කිරීම හේතුවෙන් ආණ්ඩුකාරවරුන් දැඩි කලකිරීමට පත්ව සිටින බවත්, ඉදිරි ආණ්ඩුකාර ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුව එය බවත් විඳු කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



5 Comments

  1. අයියෝ උවිදු ඔයා රාවයේ හිටපු කාලෙ පොල් ගෑවද. ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිගේ පලාත් භාර නියෝජිතය ඔහුට පැවරී ඇති කාර්යයන් ගෙන් එකක් තමයි රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම. ඒව සම්බන්ධීකරණය කරන්න ලේකම්ල පත් කරන්නේ. ජනාධිපතිට කැමති අය පත් කරන්නෙ නැතුව පොහොට්ටුවෙ අය පත් කරන්න කියලද කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිට කැමති අය පත් කරන්නෙ නැතුව පොහොට්ටුවෙ අය පත් කරන්න


      deepallako dan dobita uththara

      Delete
    2. ane yako uvidu kiyanneth Anurayage gu kapu padaththaleyek. thopita arinna rinna palal karan api malimavata kiyanne .. nikan numb karalada malimaven arinne

      Delete
  2. ආණ්ඩුකාරවරුන්ගේ අග්‍රාණ්ඩුකාරයා විදියට සිරිමත් ටිල්ලිං සීයා පත්කරොත් හරියයි නේ ?

    ReplyDelete
  3. එක පොදියට ඉස්සරහට කන්න වෙනවා කියලා දැනගෙන හෙමිහිට මාරු වෙනවා

    ReplyDelete
Previous Post Next Post