නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන නුවරඑළිය සතිපොළ භූමිය මේ වන විට අතිශය අප්‍රසන්න මෙන්ම සෞඛ්‍යයට අහිතකර 'අසූචි විමානයක්' බවට පත්ව ඇතැයි වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිළිය උතුරා යෑම හේතුවෙන් එම අපජලය මුළු පොළ භූමිය පුරාම ගලා යන බවත්, මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් බෝවන රෝග රැසකට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ වෙළෙඳුන් කියා සිටියේ, දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය කළ පසු, දේශපාලනඥයන් සිය හිතවත් මාධ්‍යවේදීන් පිරිවරාගෙන පැමිණ සංවර්ධනය පිළිබඳ 'සුරංගනා කතා' පවසා මාධ්‍ය සංදර්ශන පවත්වා යන නමුත්, තවමත් කිසිදු ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි. පාරිභෝගිකයන්ට අද වන විට සතිපොළට ඇතුළු වීමට සිදුව ඇත්තේ නහය වසාගෙන බව ඔවුහු සාක්ෂි සහිතව පෙන්වා දෙති.
නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් අපූරු අනාවරණයක් කළේය. සතිපොළේ පවතින මෙම සෞඛ්‍ය විරෝධී තත්ත්වය පිළිබඳව මහා සභාව දැනුවත් කර නවීකරණ කටයුතු සඳහා හත් වතාවක්ම ඉල්ලීම් සිදු කර ඇති නමුත්, මහා සභාවේ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන බව එම නිලධාරීන් කියා සිටියහ.
පවතින තත්ත්වය පිළිබඳව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් විමසීමට අප උත්සාහ කළ ද, ඔහු මීට පෙර පවසා ඇත්තේ තම පක්ෂය මගින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බවයි. පක්ෂයෙන් අවසර ලැබුණු පසු ඒ පිළිබඳව දන්වන බව ඔහු මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබිණි.
පරිපාලන බලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ මෙම නිහඬතාව හමුවේ, නුවරඑළිය සතිපොළට පැමිණෙන වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් තම සෞඛ්‍යය අනතුරේ දමමින් වෙළෙඳාම් කටයුතුවල නිරත වීමට සිදුව ඇත.
- ආර්.එෆ්.එම්.සුහෙල්

පක්ෂය මගින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බවයි. පක්ෂයෙන් අවසර ලැබුණු පසු ඒ පිළිබඳව දන්වන බව
ReplyDeleteදැන් මුලු රටම අසූචි ගොඩක්.
ReplyDeleteහරියටම කිව්වා
Deleteපුxරුදය සමග ලැට්කන රටක්
ReplyDeleteනුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් අපූරු අනාවරණයක් කළේය. සතිපොළේ පවතින මෙම සෞඛ්‍ය විරෝධී තත්ත්වය පිළිබඳව මහා සභාව දැනුවත් කර නවීකරණ කටයුතු සඳහා හත් වතාවක්ම ඉල්ලීම් සිදු කර ඇති නමුත්, මහා සභාවේ බලධාරීන් ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නොදක්වන බව එම නිලධාරීන් කියා සිටියහ.
ReplyDeleteපවතින තත්ත්වය පිළිබඳව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් විමසීමට අප උත්සාහ කළ ද, ඔහු මීට පෙර පවසා ඇත්තේ තම පක්ෂය මගින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බවයි. පක්ෂයෙන් අවසර ලැබුණු පසු ඒ පිළිබඳව දන්වන බව ඔහු මීට පෙර මාධ්‍ය වෙත පවසා තිබිණි.
Dan SHAPADAAAAAAAAAA
PUKE HILA PALAL KARALA 68 lakshayak hora thakkadinta chande dunna
MUN MONA HUTTHAKWATH KARANNA YAKO
88-89 KALE HORA KAPU UNTA PURUDU HORA KANA EKAMA THAMAI
69 lakshe balan hitayiya mun koranakan
KORAI PAKA ...