රට පුරා ප්‍රදේශ කිහිපයකින්ම විශේෂයෙන් කුඩා දරුවන් අතර මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.
පසුගිය අප්‍රේල් මස 15 වනදා පමණ දෙනියාය ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආශ්‍රිතව මුලින්ම වාර්තා වූ මෙම රෝගී තත්ත්වය මැයි මස මුල් සතිය වන විට රෝගීන් 80කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වූ අතර, මේ වන විට එය ඌව සහ මධ්‍යම පළාත්වල ප්‍රදේශ ගණනාවකට ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව දියතලාව රෝහලෙන් රෝගීන් 30කට ආසන්න පිරිසක් ද, රිකිල්ලගස්කඩ රෝහලෙන් රෝගීන් 25ක් සහ වැලිමඩ රෝහලෙන් රෝගීන් 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මහනුවර ජාතික රෝහලෙන් සහ බදුල්ල ප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තා වෙමින් පවතී.
මෙම රෝගී තත්ත්වය 'එන්ටරෝ වෛරස්' නැමති වෛරස් ආසාදනයක් හේතුවෙන් වැළඳෙන බවත්, විශේෂයෙන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ උපකාරක පන්ති මේ වන විට ප්‍රධාන අවදානම් කලාප ලෙස හඳුනාගත යුතු බවත් ඒ මහතා සඳහන් කරයි. අපිරිසිදු ජලය හෝ ආහාර හරහා මෙන්ම ශ්වසන පද්ධතියේ බිඳිති සහ සමීප ස්පර්ශය මගින් ද රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. තදබල උණ, හිසරදය, වමනය, ආලෝකය දෙස බැලීමේ අපහසුව සහ ඇඟපත වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, වෛරසයට නිරාවරණය වී දින 3ත් 7ත් අතර කාලයකදී මෙම ලක්ෂණ මතු වේ.
රෝගය වළක්වා ගැනීම සඳහා සැමවිටම උණු කර නිවාගත් ජලය පානය කිරීමටත්, නිවසේ පිසූ ආහාර පමණක් දරුවන්ට ලබා දීමටත්, දෑත් සේදීම සහ වැසිකිළි පිරිසිදුව තබා ගැනීම ඇතුළු පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් දරුවාට රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අතර, අනෙක් දරුවන්ට රෝගය බෝ වීම වැළැක්වීම සඳහා එවැනි රෝගී දරුවන් පාසල් හෝ උපකාරක පන්ති වෙත යැවීමෙන් වළකින ලෙස ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කර නොගෙන සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොහෙත්ම වෙන්න බෑ. මම මේක මර්දනක කළානේ.
ReplyDeleteI am the man, man of the match
https://www.lankacnews.com/2026/05/blog-post_824.html
මේ උණ වර්ගය බික්කුච්චන් උණ හෝ අයැම් ද මෑන් උණ වර්ගය විය යුතුයි.මේ උණ වර්ග හෙන වසංගත.
ReplyDelete