මූල්‍ය වංචාවක් සිදුවූ බවට සැකකෙරෙන ගල්අඟුරු ආනයන සිදුවීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
රුපියල් බිලියන දහයකට (කෝටි 1000) ආසන්න මහජන මුදලක් අවභාවිත වී ඇතැයි පැවසෙන මෙම සිදුවීමේ ප්‍රධාන චුදිතයන් ලෙස හිටපු විදුලිබල අමාත්‍ය පුණ්‍යසිරි කුමාර ජයකොඩි මහතා සහ එකල සේවය කළ උසස් නිලධාරීන් කණ්ඩායමක් නම් කර තිබේ.
මෙම විශේෂ විමර්ශනය ආරම්භ කිරීමට මූලික වී ඇත්තේ ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් 2026 ජනවාරි 09 වැනිදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි.
ඉන් දින දෙකකට පෙර, එනම් 2026 ජනවාරි 07 වැනිදා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා විසින් සභාගර්භය තුළදී මේ පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණය ද මෙම විමර්ශනයට ප්‍රධාන පදනමක් වී ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉහත කී සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි පත්‍රිකා දෙකක් සැලකිල්ලට ගනිමින් මෙම සුවිශේෂී විමර්ශන කටයුතු නිල වශයෙන් අරඹා ඇති බව අල්ලස් කොමිසම තහවුරු කරයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අඩංගු නිවේදනයක් ද කොමිෂන් සභාව විසින් පැමිණිලිකාර සභාපතිවරයා වෙත මේ වන විටත් යොමු කර තිබේ.

😂
ReplyDeleteඅපි නිදොස්. Kalinma කිව්වනේ.
ReplyDeleteOota thonduva venna onna menna thiyeddi eka paaratama kiyayi Nidos kota nidahas kiyala. Hahahaha We know the law putha.
Delete