වෙසක් සමයේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් බල ප්‍රදේශයේ දන්සැල්වල ආහාරපාන ලබා දීමෙදි ප්ලාස්ටික් පිගන්, කෝප්ප සහ භාණ්ඩ භාවිතා කිරිමෙන් වළකින ලෙස අඹගමුව සෙඛ්‍ය වෛද්‍ය නිළධාරි පී.එච්.එම්.බී.කේ. හේරත් මහතා පැවසිය.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඒ බැව් කියා සිටියේ, වෙසක් සතිය තුල තම කාර්යාලයෙන් අනුමැතිය ලබා ගෙන දන්සැල් ලබා දෙන පුද්ගලයන් සහ ආයතන දන්සැල්වලට පැමිණෙන පිරිසට ආහාරපාන පිරිසිදුව ලබා දෙන ලෙසයි.
දන්සැල්වල ප්‍රයෝජනයට පානීය ජලය ලබා ගැනිමේදි හැකිතාක් ජල සම්පාදන මණ්ඩලය මගින් පිරිපහදු කර දෙන ජලය ලබා ගන්නා ලෙසත්,ආහාර පිසිමේදි මුඛ ආවරණ සහ හිස් ආවරණ අනිවාරයයෙන් පැලදිය යුතු බවයි.
තවද ආහාර පිසිමට උපයෝගි කර ග්නනා භාජන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසත්, ආහාර පිසීමට ලබා ගන්නා එළවලු නැවුම් එළවලු ලබා ගන්නා ලෙසත්, අනෙකුත් කුළුබඩු ලබා ගැනිමෙන් නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත් වන දිනය කගැන විශේෂ අවධානය යොමු කරැන ලෙසයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.
දන්සැල් පවත්වන ස්ථාන ඉතා පිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යන ලෙසත්, අනුභව කර ඉතිරිවන ආහාර කැලි කසල බදුන්වලට දමන ලෙසත්, කටයුතු කරන ලෙසට සහ අනුමැතිය ඇතිව දන්සැල් පවත්වන සැම ස්ථානයකම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධීකරණය කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.
මෙම අවස්ථාවට අඹගමුව ප්‍රා දේශීය සභාවේ සභාපති කපිල නාකන්දල මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
- රංජිත් රාජපක්ෂ

බොහොම වටිනා උපදේශයක්.
ReplyDelete