නොරොච්චෝල ආසන්න මුහුදේ නැංගුරම් ලා ඇති ගල්අඟුරු ප්රවාහන නෞකා දෙකක ගොඩබෑමේ කටයුතු ප්රමාද වීම හේතුවෙන්, රජයට දිනකට රුපියල් ලක්ෂ 50 බැගින් අතිරේක ප්රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා අනාවරණය කරයි.
එමෙන්ම මෙම ප්රමාදය නිසා රුපියල් කෝටි 27 ක් වටිනා ගල්අඟුරු තොගයක් මුහුදට වැටීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
ගල්අඟුරු ආනයනයට අදාළව සිදුව ඇති බව කියන විවිධ දූෂණ හා අක්රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් කරමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කර ඇත.
එහිදී ගල්අඟුරු ආනයනය හේතුවෙන් සිදුව ඇති රුපියල් කෝටි 10,000 ක පාඩුව ඇතුළු වංචා රැසකට අදාළ තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කළ ඔහු , ඊට අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කර තිබේ.
මේ අතර, සමඟි ජන බලවේගය (සජබ) ද ගල්අඟුරු ආනයන වංචාවලට අදාළ සිය ලිපිගොනුව මෙම සතියේදී කොමිෂන් සභාව වෙත භාරදීමට නියමිතය.
ඊට අදාළ ලියකියවිලි මේ වන විට සූදානම් කරමින් පවතින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ප්රකාශ කළේය.
2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනයේදී සිදුවූ දූෂණ හා අක්රමිකතා සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කර ඇත. මෙම ගනුදෙනුවලට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට මහජනතාවට සහ දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබා දී තිබේ.
කොමිෂන් සභාව වෙත තොරතුරු ඉදිරිපත් කළ යුතු අවසන් දිනය මැයි මස 22 වැනිදායින් අවසන් වේ.

මේ රජයේ නොහැකියාව නිසා වන පාඩු, අලාභ මහජනතාවගෙන් අය කරණු ලැබේ. මොකද අපි හොරකම් කරලා නැති නිසා. මීට වැඩ බැරි කැබිනෙට්ටු ව.
ReplyDeleteIye watila oluwa wadunada
Deleteමේ රජයේ නොහැකියාව නිසා වන පාඩු, අලාභ මහජනතාවගෙන් අය කරණු ලැබේ. මොකද අපි හොරකම් කරලා නැති නිසා. මීට වැඩ බැරි කැබිනෙට්ටු ව.
ReplyDeleteනියමිත කාලයට ප්රසම්පාදන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් දිනකට රුපියල් ලක්ෂ පනහක් ප්රමාද ගාස්තු ගෙවීමට සිදුවීම හුණ්ඩුවගේ පාන්ඩුව එළව්වට පස්සේ ඉස්සරහට එන ඕනම ආණ්ඩුවකට ගල් අඟුරු හොරුන්ට විරුද්ධව ලොකු නඩුවක් දාන්න හේතුවක්.හුණ්ඩුවයි උගේ පාන්ඩුවයි ලෝභ නැතුව තමන්ට ජීවිත කාලෙම හිරේ ඉන්න පුළුවන් නඩු නං ඕනවටත් වඩා මේ වෙනකොට හදාගෙන ඉවරයි.
ReplyDelete