පැරණි තැපැල් කාර්යාල ලස්සන කලාම සේවා ලාභීන් ඇදී එනවා..- තැපැල්පති


 ඉපැරණි තැපැල් කාර්යාල ඇසට ප්‍රියමානාප තැන් බවට පත් කිරිම තම පරමාර්ථය බවත්, ඒ තුලින් සේවා ලාභීන් තමන් කරා ඇදී එන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසිය.

තැපැල්පතිවරයා ඒ බැව් පැවසුයේ, වසර 150කට වඩා ඉපැරණි අංක 220/60 දරණ බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම තැපැල් කාර්යාලය විවෘත කර ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තැපැල්පතිවරයා කියා සිටියේ, මෙවැනි තැපැල් කර්යාල 200ක් නවීකරණය කිරිම සදහා රජයෙන් මිලියන 600ක ප්‍රතිපාදන ලබා දී ඇති බවයි.

මෙසේ නවීකරණය කරන ලද තැපැල් කාර්යාල වලට ඉලක්කයක් ලබා දි ඇති බවත්, එම ඉලක්කය කරා සේවකයින් කටයුතු කිරිම තුලින් මෙම ප්‍රාදේශිය තැපැල් කාර්යාලය නවීකරණය කිරිමට වැය වූ ප්‍රතිපාදන යලි ලබා ගැනීමට හැකි බවද තැපැල්පතිවරයා පැවසීය.

තවද, තමන් තැපැල් කාර්යලය තුල සිදු කරන සේවාවන් පිටතින් සිටින සේවා ලාභීයා වීදුරු කවුලුව තුලින් දකින සේ තම සේවාව කාර්යක්ෂමව සිදු කරන ලෙසයි තැපැල්පතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙවැනි තැපැල් කාර්යාල කිහිපයක් ඉදිරියේදි ප්‍රතිසංස්කරණය කිරිමටද කටයුතු කරන බව තැපැල්පතිවරයා පැවසීය.

බගවන්තලාව ප්‍රාදේශිය තැපැල් කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත රුලංගමුව මහත ඇතුලු අරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාවට සහභාගි වූ තැපැල්තිවරයා ඇතුලු අආරධිතයන්ට බගවන්තලාව තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති විජය ප්‍රසන්නා මහතා ඇතුලු සේවකයින් විසින් සමරු තිළීණද පිරිනමනු ලැබූහ.

- රංජිත් රාජපක්ෂ 

1 Comments

  1. ඇදී එන්නෙ සර්පයොනෙ යකෝ

    ReplyDelete
Previous Post Next Post