මාලිමා මැයි රැලියට ආ බස්වලින් පිට්ටනි පිරී යයි..

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැළිය අද (01) පෙරවරුවේ නුවරඑළිය නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජන බලවේගය මෙවර දිවයින පුරා ප්‍රධාන මැයි දින රැළි සහ පෙළපාළි 21ක් සංවිධානය කර ඇති අතර, නුවරඑළිය රැලිය ඉන් ප්‍රධාන එකකි.

නුවරඑළිය මැයි දින රැළිය සඳහා සහභාගී වීමට විවිධ ප්‍රදේශවලින් විශාල ජනතාවක් පැමිණ සිටියහ. 

ඒම ජනතාව රැගෙන පැමිණි බස් රථ විශාල ප්‍රමාණයක් නගරය ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ගාල් කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල ද බහුලව හුවමාරු වෙමින් පවතී.

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැළිය හේතුවෙන් නුවරඑළිය නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබින.

6 Comments

  1. රැලි වලට විසි කරන සල්ලි ප්‍රමානයෙන් කියන්න පුලුවන් කවුද ලොකුම හොරා කියලා

    ReplyDelete
    Replies
    1. Ohoma bayawenna epa ban...Dan ubalane kiwwe malimawata senaga na kiyala..Ay me dan dagalanne... Ubalata kawadath ba ban

      Delete
    2. බයක් නෑ බං ලැජ්ජයි, ඒ දවස්වල මැයි දවසේ අනිත් පක්ෂවල බස් පෙන්න පෙන්න රඟපු ලොරි ටෝක් දීපු ජෙප්පෝ අද උන් වගේම රට වටෙන් සෙනග අදිනවා.

      Delete
  2. ලොකු හොරු, ලොකු වියදම්.

    ReplyDelete
  3. ඩොලර් මිලියන 2.5 න් ටිකක් මේ මෝඩයින්ට වියදම් කරනවා. ඉන්න ගෙයක් හදල දුන්නෙ නෑ. පාර නෑ පෝර නෑ. ඒත් මිනීමරු හොර හුන්ඩුව පස්සෙ යනවා. අන්ගවිකල ජීවිත. එදාවේල ටුවර්ස්

    ReplyDelete
  4. මහ නායක හාමුදුරුවන්ට කියලා වෙසක් කල් දාගත්තෙත් ඔය ලොරි ටෝක් ටික දීලා ජෙබයියෝ ෆෝම් කරන්නනේ 😂

    ReplyDelete
Previous Post Next Post