කියුබාව සමග ලංකාවේ සබදතා තර කරයි..


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය
(Patricia Lázara Pego Guerra) අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා වූ  සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී, ශ්‍රී ලංකාව සහ කියුබානු අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳවත්, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳවත් විශේෂ අවධානය යොමු විය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සබඳතා සිහිපත් කරමින්, දෙරට අතර පවතින සබඳතා වැඩි දියුණු කිරීමෙහි සහ දෙරටේ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් සාර්ථක පියවරයන් මෙන්ම ඉදිරි අභියෝග ජයගැනීම සඳහා ක්‍රියාත්මක සැලසුම් ගත වැඩපිළිවෙල පිළිබඳවත් කරුණු පැහැදිලි කරන ලදි.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සහ ඉතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් බවත්, කියුබාව සතු දියුණු මහජන සෞඛ්‍ය පද්ධතිය සහ ජෛව තාක්ෂණික (Biotechnology) දැනුම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා විවිධ අවස්ථාවලදී උපකාර කර ඇති බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.

තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා ගුවේරා මහත්මිය අදහස් දක්වමින් කියුබානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක වූ මදුරු පාලන ව්‍යාපෘති, ඩෙංගු රෝගය තුරන් කිරීම සඳහා කියුබානු විශේෂඥ දැනුම ලබාදීම මෙන්ම ඖෂධ සහ එන්නත් නිෂ්පාදන කටයුතු ද මෙරට සිසුන්ට කියුබාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම මෙන්ම ශිෂ්‍යත්ව ආදී ක්ෂේත්‍රයන් හි නව ප්‍රවේශයන් පිළිබදව දීර්ඝව අදහස් දැක්වූවාය.

කොවිඩ්-19 සමයේදී කියුබාව නිපදවූ 'Abdala' වැනි එන්නත් පිළිබඳවත්, අනුව ඉදිරියේදී එන්නත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවත් සාකච්ඡා ක අතර, මෙරටට බලපෑ සුනාමි ව්‍යසනය ඇතුළු හදිසි ආපදා සහ හදිසි අවස්ථාවලදී අවශ්‍ය සහය ලබාදීමට හැකි වු බව ද තානාපතිනිය මෙහි දී සිහිපත් කළා ය.

සෞඛ්‍ය සේවා, ක්‍රීඩා, කෘෂිකර්මාන්ත සහ දේශගුණික විපර්යාස ඇතුළු ප්‍රධාන අංශ ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බව ද ලංකාවේ කියුබානු ජනරජයේ තානාපතිනි පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) මෙහි දී වැඩිදුරත් ප්‍රකාශ කළාය.

මෙහිදී තානාපති වරිය කියුබාවේ නිෂ්පාදිත ආපදා සහ හදිසි අවස්ථාවන්හිදී පුතිකාර මධ්‍යස්ථානයෙන් බැහැරට ගොස් පුතිකාර සහ රෝග විනිශ්චය සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ අඩංගු ගමන් මල්ලක්ද අමාත්‍යවරයාට හදුන්වාදෙනු ලැබීය.

4 Comments

  1. ට්‍රම්ප්කාරයා කියුබාවේ බෙල්ල මිරිකාගෙන ඉන්නෙ. රටම ගිනියම් වෙලා තියෙන්නෙ. ඒ අස්සෙ මේ පිස්සු පුකේ ඩොකා සුරුට්ටුවක් පත්තුකරගන්න බලනවා.

    ReplyDelete
  2. Oyawage ratak thmay mun ekka kathakarnnewath


    Api paw

    ReplyDelete
  3. කියුබාව නන්නත්තාර වෙලා ඉන්නේ දරුණුම Economic Crisis එකට මුහුණ දීලා. ඒ අස්සේ අපේ එවුන් යනවා අපේ ප්‍රශ්නවලට උන්ගෙන් සහනයක් හොයන්න.
    https://www.paho.org/en/crisis-situation-cuba

    ReplyDelete
  4. නලින්ද කෙලින්ද මන්දා ? අර කොළ ටික අයින් කරා නම් ඉන්දියාවත් පේනවා... 🤪

    ReplyDelete
Previous Post Next Post