චාමර රණවක අත්අඩංගුවට..


 ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමගින් එකම යතුරුපැදියක ගමන් කිරීමේ චෝදනාව මත පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රකට ගායන ශිල්පී චාමර රණවක මහතාට රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

චාමර රණවක ඇතුළු තිදෙනෙකු නීති විරෝධී ලෙස ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරුපැදියකින් ගමන් ගන්නා ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. 

එහිදී එම වරද අධිකරණය හමුවේ පිළිගැනීමට ගායන ශිල්පියා කටයුතු කළ අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දඩය නියම කරනු ලැබීය.

2 Comments

  1. හෙල්මට් නැතුව ට්‍රේල් බයික් එකෙ ගිය සනත් නිශාන්තව ඔහොම ඇල්ලුවෙ නෑනෙ පොලිසිය

    ReplyDelete
    Replies
    1. Idiot.. That's the difference with the new government. This is evidence that they don't poke their finger in to law or attempt to bend the law.

      Delete
Previous Post Next Post