සතයක්වත් ණය ගන්නෑ.. භාණ්ඩාගාර සල්ලිවලින් අධිවේගී පාර හදනවා..


 ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ලබාගැනීමකින් තොරව, මෙරට භාණ්ඩාගාර අරමුදලින් පමණක් රඹුක්කන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අද හෙට ආරම්භ කරන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසයි.

මීට පෙර මෙරට ඉදිවූ සියලුම අධිවේගී මාර්ග විදේශ ණය ආධාර මත ඉදිවූවත්, වත්මන් රජය හොරකමින් සහ වංචාවෙන් තොරව භාණ්ඩාගාරය පොහොසත් කිරීම නිසා මෙම අවස්ථාව උදාවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම සංවර්ධන සැලසුම් පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2029 වසර වන විට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය ඉදි කර අවසන් කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි.

අධිවේගී මාර්ගවලට අමතරව රටේ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා ද දේශීය අරමුදල් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන වසරේදී පානීය ජලය ලබාදීම සඳහා ණය නොවූ, දේශීය භාණ්ඩාගාරයේ රුපියල් බිලියන ගණනක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

මෙම වසර තුළ පමණක් නිවාස 100,000ක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබේ. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉදිවන නිවාස 30,000ක් සඳහා නිවසකට රුපියල් ලක්ෂ 20 බැගින් ද, අනෙකුත් ප්‍රදේශවල නිවාස සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ද ප්‍රතිපාදන වෙන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති සිහිනය දකිමින් ආරම්භ කර, රුපියල් 10,000 - 50,000 වැනි සුළු මුදල් ලබාදී අතරමග නවතා දමා තිබූ නිවාස ව්‍යාපෘති නිසා ජනතාව අසරණ වී ඇති බවත්, එම අඩක් නිම කළ නිවාස ද රජයේ මැදිහත්වීමෙන් නිම කර දීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

16 Comments

  1. මෙතන කාරණා දෙකක් දිහා බලන්න ඕන.
    1. ඔය ලොරි ටෝක් දෙන්නේ ණය වෙලා හදපු පාරෙන් ණය ගෙවල ඉවර කරලා දැන් ශුද්ධ ලාභෙන් කියන එක මුන් හංගනවා.
    2. අවුරුදු 20 විතර ගෙවල ඉවර කරන්න පුළුවන් ණයක් අරගෙන අදායමක් එන පාරවල් හැදුව කියල කවුරුවත් බනින්නේ නෑ. (තැරි මෝඩ ජෙප්පෝ ඇරෙන්න)

    ReplyDelete
  2. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉදිවන නිවාස 30,000ක් සඳහා නිවසකට රුපියල් ලක්ෂ 20 බැගින් ද, අනෙකුත් ප්‍රදේශවල නිවාස සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ද ප්‍රතිපාදන වෙන් කර ඇත.

    ඈ බොල හුත්තො උතුරු සහ නැගෙනහිර පලාත්වල  ඉන්නෙ අලි පුකෙන් ආපු මිනිස්සුද උන්ට විශේෂ සැලකිලි දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. අර විජේපාලය වගේ බීඩි සරාත් දෙමලෙකුට ජාතක වෙච්ච එකෙක්ද?

      Delete
  3. මුං බයිලාකාරයෝ බව දැනං හිටියට මෙහෙම පට්ට බූරැවෝ රැලක් කියලා හිතුවෙ නැහැ අපේ හාමුදුරැවනේ.

    ReplyDelete
  4. Ambul thiyal genna wennathi, neda?

    ReplyDelete
  5. මූට හූ කියල පැන්නුව. තාමත් පච විදිනවා. ගොවීන්ට සහනාදාර දීපිය ඔක්කොටම ඉස්සෙල්ලා

    ReplyDelete
  6. නොදකින් විතරක් මුන්ගේ දැනුම.

    ReplyDelete
  7. ඔක්කොටම ඉස්සෙල්ල අර භාන්ඩාගාරයෙන් උස්සපු රුපියල් කෝටි අටසීය ආපහු දෙන්ඩ කියල උඹේ මහ එකාට කියල  හිටපිය.

    ReplyDelete
  8. කොළඹ සිට පොලෙන්නරැවට කි.මී. 5 න් 5 ට වැසිකිළි හදනවා කිව්වෙත් මේ හාදයාම තමයි

    ReplyDelete
  9. කවුරුත් සතයක්වත් ණය දෙන්නෑ ඒක තමයි ඇත්ත ඒක කියපන්

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන හේතුව. මූල්‍ය විනය නැති ආණ්ඩුවක් කියල කවුරුත් දන්නවා.

      Delete
  10. මූ කතා කරන්නේ ගංජා ගහලා වගේ 😯

    ReplyDelete
  11. මටනම් හිතෙන්නෙ මුන්ට කවුරුත් ණය දෙන්න කැමති නැහැ. ඒ හින්දා ලොරි ටෝක් එකක් දෙනවා භාණ්ඩාගාරයේ සල්ලි වලින් හදනව කියල.

    ReplyDelete
Previous Post Next Post