ජාත්‍යන්තර මූල්‍ය මාධ්‍ය ආයතනයක් වන 'බ්ලූම්බර්ග්' ආයතනයට අනුව, මෙම මාසය තුළ ආසියාවේ අවම කාර්යසාධනයක් (පහළම දක්ෂතාවක්) දැක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල (LKR) පත්ව ඇත.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙරට වෙළෙඳපොළ තුළ රුපියල මෙලෙස අඛණ්ඩව පහත වැටීමට බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
රටේ ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය පොලී අනුපාත පහත හෙළීමට පියවර ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය වෙළෙඳපොළ තුළ පවතින ද්‍රවශීලතාව හෙවත් මුදල් සංසරණය ඉහළ ගොස් ඇත.
දිගු කලක් තිස්සේ පනවා තිබූ ආනයන සීමාවන් ලිහිල් කිරීමට රජය කටයුතු කිරීම නිසා, විදේශීය භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ආනයන පිරිවැය පියවීම ඇතුළු විවිධ අවශ්‍යතා හේතුවෙන් දේශීය වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම.
ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ශක්තිමත් වීම, ශ්‍රී ලංකා රුපියල කෙරෙහි අතිරේක පීඩනයක් එල්ල කිරීමට හේතු වී ඇත.

ReplyDeleteමුන්ට පිස්සු , අපි තමය හොඳටම කොරන්නේ
එකෙක්ගෙවත් උපදෙස් එපා
පොට්ට වසන්තයා එතනත් බොරුවක් කිව්ව.ආසියාවේ රටවල් අතර තම මුදල් ඒකකය අඩුවෙන්ම දුර්වල වෙලා තියෙන්නේ ලංකාවෙලු.කවුරහරි පාර්ලිමේන්තුවේ දී මේක ප්‍රශ්න කරා නං හරි මුගෙයි ආණ්ඩුවේ දෙකේම රෙද්ද ලෙහිලා වැටෙන්න..
ReplyDeleteWasantha Mahachariyek noveine. Nikan achariyekne. Danagena kiyana deval nemeine. Asana bahutharayak modayin bava danagena ravateemata kiyana kathane. Ravetenno bohoya noravatenno alpaya.
ReplyDelete