ගෙවී ගිය වසර එකහමාරක වැනි කෙටි කාලයක් තුළ රජය විසින් මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවගේ වාහන සිහිනය සැබෑ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කළේ, වසර පහක පමණ කාලයක් තිස්සේ නතර කර තිබූ වාහන ආනයනය යළි ආරම්භ කරමින් පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 2ක වාහන ආනයනය කර ඇති බවයි.
බංකොලොත් වූ රටක් ලෙස අපකීර්තියට පත්ව තිබූ අවදියක, 2025 වසර සඳහා ගෙවිය යුතු ඩොලර් බිලියන 5.1ක ණය වාරිකයද ගෙවීමට රජය සමත් වූ බවත්, ඒ අතරතුර ජනතාවට සහන රැසක් දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රාජ්‍ය සේවකයින් ලක්ෂ 13කට අධික පිරිසකගේ වැටුප් වසර තුනක් අඛණ්ඩව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ යටතේ දැනටමත් අදියර දෙකකින් බිලියන 220ක් වැටුප් සඳහා වෙන් කර ඇති බවත් හෙතෙම පැවසීය. එසේම පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 2000 සිට 3000 දක්වාත්, වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350 සිට 1750 දක්වාත් වැඩි කර ඇත.
පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන පොත්පත් සහ ඇඳුම් වලට අමතරව රුපියල් 6500ක දීමනාවක් ලබා දීමටත්, විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 සිට 10,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමටත් රජය කටයුතු කර තිබේ. මීට අමතරව 'අස්වැසුම' ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා වැඩිකර ඇති අතර, වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වාත්, ආබාධිත දීමනාව රුපියල් 25,000 දක්වාත් ඉහළ නංවා ඇත.
ආර්ථිකය විනාශ වීමට බලපෑ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රජය පියවර ගත් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කුඩා විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් ලබා නොගැනීම සහ වෛද්‍ය රක්ෂණ ගාස්තු අඩු කිරීම වැනි පියවර හරහා රජය ආදර්ශයක් දී ඇති බවද පෙන්වා දුන්නේය.
මැදපෙරදිග යුද්ධය, ස්වභාවික විපත් සහ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද රටෙහි පෝලිම් යුගය අවසන් කර ප්‍රශ්න විසඳීමට රජය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

Naya gewanna patanganne 2028,
ReplyDeleteNandegen ahapan
උඔලා පිනට බෙදන්නේ පැලවත්තේ සල්ලි නොවේ. රටේ ජනතාවගේ යටිතල පහසුකම්, රෝහල්, සංවර්ධන වැඩවලට තියෙන සල්ලි. කිසි දවසක රටට යහපතක් නොකළ, ඕපා දූප කියමින් කඩපිල් ගානෙ, තැබෑරුම් ගානෙ ලැගපු එවුන්ටත් නිකං මුදල් දෙනවා. මුං ලංකාව වසර 76 ක් ආපසු ගෙන යනවා.
DeleteHeena dakinta thawa awurudu dekak thiyanawa, 2028.
ReplyDeleteහික්..හික්.
ReplyDelete.
හික්
thanks bro apee waahana heene habee karata.......
ReplyDeleteCan these foolish guys even handle a job let alone a government. Sri Lankan public !!! What have you done.
ReplyDeleteCan’t agree with you more
Deleteතොපි මහජනතාව ගේ සිහිනය සැබෑකෙරුවා කියල කිව්වට කෙරුවේ මහජනතාව ට වාහන ගෙනෙන්න ඉඩ දීලා ඔවුන්ගේ මුදල් සියල්ලම ටැක්ස් ගහලා උදුරාගත්තු එක. රුපියල් ලක්ෂ 100 වාහනයට රුපියල් ලක්ෂ 200 ටැක්ස් ගහන්නෙ මොන රටේද උට්ටො?
ReplyDeleteඔය බොරු බයිලා කිව්වට වැඩක් නෑ උබලා හෙට අනිද්දට ගුටි කනවා.
ReplyDeleteතොපිව පන්නන්නෙ ගොටබය පැන්නුවට වඩා ප්‍රබල ලෙස
ReplyDeleteWahaana Awasyai thamai. namuth me awastawe prathilaba nomathi ayojana walin rate videsha vinimaya nethiwenawa anith paththen mahajanayage mudal bhandagarayata yanawa. uddamanaya wediwenawa. duppathkama wediwenawa. Ekada mun kiwwe.
ReplyDeleteමේ කාලකන්නින්ට මිනිස්සු ගහන්න ගත්තට පස්සේ මුන්ට යන්න තැන් නැති වෙනවා, ගෝඨාභයට වගේ නෙවෙයි.ගෝඨාභයට තාමත් මිනිස්සු respect කරනවා.
ReplyDelete