තෙල් මිල අඩු කරන්න බෑ..- සිපෙට්කෝ


 දැනට මෙරට පවතින ඉන්ධන සංචිත ජූලි මාසය දක්වා ප්‍රමාණවත් බවත්, සැප්තැම්බර් මාසය දක්වා මෙරටට ඉන්ධන ගෙන්වීමට ඇණවුම් කර ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර පැවසීය.

පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සමාන්‍ය ක්‍රමවේදය යටතේ මාසිකව සිදුකරනු ලබන මිල සංශෝධනයට අමතරව ඉන්ධන මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව ද ඔහු කියා සිටියේ ය.

එමෙන් ම, යුද්ධය ආරම්භ වීමත් සමග ම දිගින් දිගට ම ඉහළ යන ඉන්ධන මිල පහත වැටීමක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට හැකි දැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් සිදු කරන ලදී.

"ඉන්ධන මිල ඊළඟ මාස දෙකේ අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. දැනට ලෝක වෙළදපොලේ මිල 4වෙනි මාසයට සහ 3 වෙනි මාසයේ අග කාලයට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ඒත් මැයි 13 ගත්තත් ඩීසල් බැරලයක් 154ට තමා තිබුණේ," ඔහු පැවසුවේ ය.

"සාමාන්‍යයෙන් ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක 70,80,90 රේන්ජ් එකේ තමයි යුද්දෙට කලින් තිබුණේ. ඒ කාලේ 80 කියලා ගත්තොත් දැන් තියෙන්නේ දෙගුණයකට කිට්ටු වෙන ගාණකටනේ. කොහොමත් ලෝක වෙළදපොලේ දැන් තියෙන මිල කලින් තිබුණාට වැඩිය වැඩි ගාණට. බොර තෙල් මිල වුණත් යුද්දෙට කලින් තිබුණේ 63,69 කියන රේන්ජ් එකේ. දැන් තියෙන්නේ මේ මාසේ 110යි ඊළඟ මාසේ 104ක් වගේ ගාණකට තමා තියෙන්නේ. ඊටත් පස්සේ මාසෙත් 100ට උඩින් තියෙයි කියලා තමයි පුරෝකථනය කරන්නේ,"  බොතරතෙල් මිල සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ ය.

"ඒක දෙගුණයක් නොවුණත් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. නමුත් අපේ මිල දෙගුණයක් කරලා නැහැ. ඒක අනුව ගත්තා ම ඉදිරි මාස කීපයේ තියෙයි හිතන මට්ටමට තමා දැන් ඩීසල් සහ පෙට්‍රල් මිල මේ වෙද්දී තියෙන්නේ. ඉදිරියේ අඩු වුණත් ඔය ගාණටනේ අඩු වෙන්නේ. එතකොට බොහෝ විට අඩු කිරීමේ හැකියාවක් නැති වෙනවා ඉදිරි මාසය, දෙක ඇතුළත," යැයි ඔහු කියා සිටියේ ය.

දැනට ලබා දෙන සහනාධාරය අඩු කරමින් පවතින මිලට අනුව ඉන්ධන ලබා දීමේ හැකියාවක් පවතී දැයි සලකා බලමින් සිටින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, පැවසීය.

BBC

8 Comments

  1. කෝ බන් අර ගොටා කාලේ තෙල් මිල අඩු කරනවා කියලා ....ඊට පස්සේ බලේ ගත්තු උන් ........May 21, 2026 at 3:33 AM

    උන් ජනතාවට වැඩ නැ .....වැඩ කරන්නේ කදිනල් ටයි ....ඩයස්පොරාවටයි.......උන්ට හම්බකර ගන්නයි

    ReplyDelete
    Replies
    1. රට අඳුරට

      Delete
    2. රුපියල් 150ට පෙට්‍රල් දෙන්න කතා කරේ. දැන් ලීටරේ 410යි. කොහොමද පුනරුදේ.
      දැන් සැපද............................

      Delete
  2. පරජාතික ආණ්ඩුවක්

    ReplyDelete
  3. පරජාතික ආණ්ඩුවක්

    ReplyDelete
  4. රට අදුරට. ලප පච

    ReplyDelete
  5. කිව්වේ කොහොමද. කාංචනගේ සාක්කුවට රුපියල් 140ක් යනව කිව්වා හැම තෙල් ලීටරේකින්ම. දැන් ගල් අඟුරු වංචාවයි, ඩීසල් බැරල් එක ඩොලර් 286ට අරන් ලෝක වාර්ථා තියපුවගෙයි පව් ටික ලංකාවේ හැමෝම ගෙවනවා. හරි නම් මාලිමා ගොන් හැත්තගෙන් වැඩිපුර ගන්න ඕන. උන්ටනේ වෙනස ඕන උනේ.

    ReplyDelete
  6. පල්ලියේ පිල්ලිMay 21, 2026 at 8:52 AM

    කෝ අර ගෝඨා ඉන්නකොට පැයෙන් පැයට වොයිස් කට් දුන්න පල්ලියේ සුදු රෙද්දො ටික. උන්ට පුදුම අමාරුවක් තිබුනේ ඒ කාලේ. දේව රාජ්ජේ හදාගෙන පල්ලිය සල්ලි වලින් උතුරනකොට උන්ට දැන් ඒව මතක නැහැ. මීගමු ලෙල්ලමෙනුත් හෙන ආදායමක් එනවනේ.

    ReplyDelete
Previous Post Next Post