ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක අධිකරණය හමුවේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදෙන බවට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් චෝදනා කර ඇත.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති හරස් ප්‍රශ්න විමසීමේදී, හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම බරපතල යෝජනාව ඉදිරිපත් කරන ලදී.
සාක්ෂිකාරිය තමන් ප්‍රසම්පාදන අංශයේ ලේඛන සකස් කිරීමේදී ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත පමණක් කටයුතු කළ බවත්, තීරණ ගැනීමේ බලය තමන් සතු නොවූ බවත් අවධාරණය කළාය.
කෙසේ වෙතත්, ඇය සහභාගී නොවූ රැස්වීම්වල සටහන්වල ඇයගේ නම සඳහන් වීම සහ මූල්‍යමය වශයෙන් සැලකිය යුතු වෙනසක් ඇති ලංසු තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිඥවරුන් දැඩි ප්‍රශ්න කිරීම් සිදු කරන ලදී.
විශේෂයෙන්ම, ඩොලර් අර්බුදයක් පැවති සමයක සමාගම් අතර පැවති විශාල මිල පරතරය සහ ලේඛනවල ඇති අසමගිතා සම්බන්ධයෙන් ඇය ලබාදුන් පිළිතුරු පිළිබඳව විත්ති පාර්ශ්වය දැඩි සැකයක් මතු කළේය.
නඩුව තවදුරටත් විභාගයට ගැනීමට නියමිතය.

AKD wa hire kala hitapan hutto okkotama kalin
ReplyDelete