දැරිය අපහරණයට අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට ගන්නවා..- පොලිසියෙන් නිවේදනයක්..


 පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2026.03.06 වන දින වයස්කාර දැරියක් අපහරණය කර රඳවාගෙන සිටින බවට නිට්ටඹුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත නිට්ටඹුව පොලිසිය මඟින් විර්මශන සිදුකර අදාල සැකකරු අත්අඩංගුවට ගෙන අත්තනගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙම වින්දිත බාල වයස්කාර දැරිය ගරු අධිකරණ නියෝග මත රාගම ළමා සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා ඉදිරි විමර්ශනයක් සිදු කරන ලදී.

එහිදී දැරිය පෙර සිදු වූ අතවරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ අධීක්ෂණය මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරිගේ සෘජු අධීක්ෂණය යටතේ නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ ළමා කාන්තා කාර්යංශයේ මඟින් විර්මශනක් ආරම්භ කරන ලදී. ඒ අනුව, එම විමර්ශන නිලධාරින් විසින් දැරිය ප්‍රථමයෙන් අතවරයට ලක් වූ ස්ථානයෙහි ස්ථානීය පරීක්ෂාවක් සිදුකර පුද්ගල, විද්‍යාත්මක හා පර්යේෂණ සාක්ෂි ලබා ගැනීමෙන් පසු අනුරාධපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර එහිදී අධිකරණ නියෝග මතනඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

2026.05.08 වන අද දින මෙම නඩුවට අදාලව වැඩිදුර වාර්තාවක් නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරින් විසින් අනුරාධපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් වින්දිත දැරියගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම සඳහා ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත නියෝග ලබා ගන්නා ලදී. තවද මෙම නඩුවේ සැකකරුවන් ලෙස උඩමලුවේ අටමස්ථානාධිපති හිමියන් හා වින්දිත දැරියගේ මව නම් කරන ලද අතර අටමස්ථානාධිපති හිමියන් හට ගරු අධිකරණය මඟින් විදේශ ගත වීම වැළැක්වීම සඳහා ආගම විගමන පාලක වෙත නියෝගක් නිකුත් කරන ලදී.

මෙම අපරාධ සම්බන්ධයෙන් සැකකාර අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර මේ අපරාධය සම්බන්ධයෙන් බාල වයස්කාර වින්දිත දැරියගේ මව මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව 2026.05.08 වන දින අත්අඩංගුවට ගෙන අනුරාධපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.05.15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

8 Comments

  1. බන්ධනාගාරයේ මහත අයියාMay 8, 2026 at 11:04 PM

    ඇට දෙක ලාච්චුවේ,
    සබන් කෑල්ලක් බිම වැටෙයි

    ReplyDelete
  2. බලමු අන්රයියා ලමා අපචාරියව බේරගනීද කියල.

    ReplyDelete
  3. පාරාජිකාවූ මහණුන් සියල්ලෝම සිවුරු ගලවා කොටකලිසමි අන්දවා කම්කරුවන් වශයෙන් සේවයකට යෙදවිය යුතු

    ReplyDelete
  4. අත් අඩංගුවට ගන්න යන අවස්ථාවේ උපාසක අම්මලාගේ විලාපය සහ පොලවේ පස් කෑම නැරඹීම සඳහා 6.55 ට අද දෙරන නරඹන්න.

    ReplyDelete
    Replies
    1. ඊයේ අද දෙරණ ප්‍රවෘත්ති මම බැලුවා. මේ ගැන කතා නෑ. නමුත් මම හිතන්නේ නෑ, දෙරණ ඒක වහන්න හදයි කියල. දැන් මේ ප්‍රවෘත්තිය රට පුරා ප්රක් ප්‍රචාරය වෙලා.

      Delete
  5. ලමා අපචාර සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න කලින් රටටම දැනුම් දීල කටයුතු කරන්න පොලීසිය බැඳිල ඉන්නවද? තත්ත්වය කණගාටුදායක නේද?

    ReplyDelete
  6. හිරිසන් ගල්කටස් මිනීමරුවෝ ....මොනවද දන්නේ .මෙන් තවත් කොටි ඩයස්පෝරාවේ වෑඩක් ජෙප්පෝ ලවා ක්‍රියාත්හ්මක කරන බෞද්ද අපේ හාමුදුරුවරු නීතිවිරෝදී දේ වලට පටලවන එක........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....

    ReplyDelete
  7. Meka oppu karannda bari unoth thathwaya keseda?

    ReplyDelete
Previous Post Next Post