මම ඉතාම වගකීමෙන් කියන්නේ හර්ෂණ ද්විත්ව පුරවැසියෙක් නොවේ...- නලින්ද


 මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු නොවන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. 

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදීත්, වර්තමානයේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය දරන අවස්ථාවේදීත් ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවන බව අමාත්‍යවරයා සහතික කළේය.

යම් කිසිවෙකුට ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හෝ සැකයක් පවතින්නේ නම් අධිකරණය හමුවට යා හැකි බවත්, තමන් ඉතාම වගකීමෙන් මෙම ප්‍රකාශය සිදු කරන බවත් ජයතිස්ස මහතා පැවසීය. 

"ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු ලෙස කටයුතු කර නැහැ. ඇත්තටම ඔබට ඒ ගැන සැකයක් තිබේ නම් ඔහුට එරෙහිව අධිකරණය හමුවට යා හැකියි, මම ඉතාම වගකීමෙන් කියන්නේ ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවකදී ද්විත්ව පුරවැසියෙක් නොවේ" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ 2010 වසරේ සිට හර්ෂණ සූරියප්පෙරුම මහතා ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

7 Comments

  1. SO NOW
    LANKA CNEWS OWNER SHOULD BE ARRESTED PUBLISHING WRONG NEWS REGARDING THIS

    ReplyDelete
    Replies
    1. Ethakaota
      galaguru genapu paraya-----------------------------
      pasal pothwalata kunuharapa dapu wes ii---------
      mahabanku salli adda eka---------------------
      uganda salli gennathieka-----------
      mariot hotale dobi-----------------
      ceb kadapu paraya----------
      lanka hunduwak kiyapu eka----
      diesal wadi ganata gattha eka------------
      vietnam pvt jet gaththa eka---------
      germany president meet wenna giya eka-------------

      Delete
  2. He is a dual citizen
    No second word

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 5, 2026 at 7:59 PM

      Provide proof.

      Delete
    2. It’s a joke that Jeppo is asking others for proof

      Delete
  3. මාධ්‍ය ප්‍රකාශක මුචලින්ද හරි. හර්ෂණ ද්විත්ව පුරවැසියෙක් නොවේ. තනිකර ඕස්ට්‍රේලියා පුරවැසියෙක්. ශ්‍රී ලංකාවෙ ද්විත්ව පුරවැසිභාවය ඇරං නෑ.

    ReplyDelete
    Replies
    1. Absolutely!. He is an Australian citizen and not a Sri Lankan now.

      Delete
Previous Post Next Post