නුවරඑළි කන්තෝරුවේ අකුණු සන්නායකය අතුරුදන් වීමට හමුදාවට චෝදනා..


 පසුගිය දින කිහිපය තුළ ආන්දෝලනයට තුඩු දූ තිබෙන ලෝකප්‍රසිද්ධ නුවරඑළිය ඓතිහාසික රෝස තැපෑලේ අකුණු සන්නායකය කපා ඉවත් කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් බව ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන සභාපති ජගත් මහින්ද යන අයගේ අස්සනින් යුතු ලිපියකින් තැපැල් විෂය භාර අමාත්‍ය හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් සිදුකර ඇත ,

මෙලෙස රට දැය වෙනුවෙන් අභීත සේවාවක් ඉටු කල ගෞරවාන්විත රණවිරුවන්ට කැළලක් ඇතිවන ආකාරයෙන් පදනම් විරහිතව චෝදනා කිරීමට සිය විරෝධය ප්‍රකාශ කරන බව නුවරඑළිය සමගි ජන බලවේගී ප්‍රධාන ආසනන සංවිධායක අශෝක සේපාල පවසයි ,

ඔහු මේ බව කියා සිටියේ රට දැය වෙනුවෙන් මහඟු මෙවරක් ඉටු කරන ආරක්ෂක අංශ නිලධාරීන් වෙත ඉල්ලවන චෝදනා පිළිබඳව සිය කාර්යාලයේ (24) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,

සිය විරෝධතාවය මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ සමගි ජනපලවේගයේ නුවරඑළිය ආසන සංවිධායක අශෝකක සේපාල ,

අකුණු සන්නායකය අස්ථානගතවීම පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය හරහා අනාවරණය කළා ,

නුවරඑළිය පොලීසිය වෙත පැමිණිල්ල සිදුකරලා මාසයක් පමණ ගතවුණත් පැමිණිල්ල පිළිබඳ නිසි විමර්ශන කටයුතු සිදු නොකිරීම හමුවේ මාධ්‍ය අනාවරණයෙන් පසුව පොලිසිය විධිමත් අන්දමින් විමර්ශන කටයුතු ආරම්භ කිරීම සතුටට කරුණක් ,

මෙවන් පසුබිමක 2026.05.11 දිනති ලිපියෙන් ලංකා තැපැල් සේවා සංගමයේ ප්‍රධාන සභාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් මගින් විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කර ඇත්තේ මෙම හොරකම පිටුපස ඉන්නේ ආරක්ෂක අංශය කියලා ,

අදාල ලිපියේ සඳහන් වෙනවා මෙම අකුරණු සන්නායකයේ කපා ඉවත් කර ඇත්තේ නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අලුත් වැඩියා කටයුතුවලට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන් විසින් බව පවසමිනි ,

පොලිස් විමර්ශන කටයුතු නීතිමය අන්දමින් ක්‍රියාත්මක වන පසුබිමක මෙලෙස පදනම් විරහිතව තමන් එය ළඟ සිට දැක්කාසේ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත වෛරීකාරීව චෝදනා එල්ල කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා ,

මේක අපේ රණවිරුවන්ට කරන ආරක්ෂක අංශ නිලධාරීන්ට කරන විශාල අපහාසයක් හා අගෞරවයක් හැටියට තමයි අපි දකින්නේ ,

ඒ වෘත්තීය සමිති සභාපතිවරයා මේ සොරකමට වගකිව යුත්තේ ආරක්ෂක අංශ කියලා දන්නවනම් ඇයි මේකේ ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරන්නේ ,

ඒක ගිහින් පොලිස්පතිට පැමිණිලි කරාන එකයි කරන්න ඕන එහෙම නැත්තං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා නීතියෙන ක්‍රියාත්මක කරන්න ඕන ,

ජනතාව විශාල බලාපොරොත්තුවක් තියෙන තමයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු නුවරඑළියෙන් පත් කළේ ,

මෙම මහ පරිමාණණ හොරකම සිදුවෙලා තියෙන කාල පරිච්ඡේදයක මේ පස්දෙනාම නිහඬයි ,

මොවුන්ගේ මේ නිහඬතාවය නැති වෙන්නේ අපේ පෞරාණික වටිනාකමින් යුතු නුවරඑළියේ වටිනා සම්පත් ,

අපි මාධ්‍ය අරහා දැක්ක විදියට රුපියල් කෝටි දහසකට වඩා වටිනා මේ මහ පරිමාණ හොරකමකට දැන් ආරක්ෂක අංශ පටලගන්න හදනවා ,

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති දන්නවානම් මේ හොරකම කළේ කවුද කියලා එයාගෙන් ප්‍රකාශයක් අරගෙන අදාල අය අත්අඩංගුවට ගන්න ,

රජයෙන් අපි ඉල්ලා සිටින්නේ තමන්ගේ රජයට එල්ල වෙන චෝදනාව තැන් තැන් වලට බෝලේ පාස් කරල මගහැරෙනවා වෙනුවට නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ,

ඒ එක්කම තමන්ගේ පක්ෂයේ ලොකු ලොක්කන්ගෙන් ලකුණු දාගන්න ඕනවට රණ විරුවන් පාවා දෙන්න එපා කියලා දේශපාලනයට කඩේ යන හෙංචයලාගෙන් සමන්විත රජය වෘත්තීය සමිති වලින් අපි තරයේ ඉල්ලා සිටිනවා නුවරඑළිය ජනතාවව වශයෙන් ,

තවද නුවරඑළිය සුරැකීමේ සංවිධානය මගින් මාධ්‍යය අරහා සිද්ධිය (20) දින අනාවරණය කිරීමෙන් පසු විශේෂ පොලිස් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත ,

එහිදී නුවර එළිය සුරැකීමේ සංවිධානය විසින් අනාවරණය කරනු අකුණු සන්නායකයට හානි වී ඇති බවට නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිනිය විසින් 2026.04.10 දින සිදුකළ පැමිණිල්ලට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2026.04.29 ලිඛිතව පොලිසිය මේ පිළිබඳ දැනුවත් කළද නිසි අන්දමින් පොලිස් විමර්ශන කටයුතු සිදු නොකිරීම හරහා විමර්ශන කටයුතු වැළැක්වීමට දේශපාලන හස්තියාක් ක්‍රියාත්මක වන බවයට සැකයක් මතු වී ඇති බව ප්‍රකාශ කරමිනි ,

අදාළ එම මාධ්‍ය අනාවරණයෙන් පසු මෙම විමර්ශන කටයුතු නුවරඑළිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාරගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී (01) චන්දන බස්නායක එළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව පොලිස් ස්ථානය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් ප්‍රේමලාල් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක වේ ,

එයට අමතරව සිද්ධියේ පසුබිම සහ පොලිස් විමර්ශන කටයුතු නිසි අන්දමින් ක්‍රියාත්මක නොකරන බවට එල්ල වන චෝදනාව සම්බන්ධව විශේෂ විමර්ශන කටයුත්තක් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ ,

එම විමර්ශනවලට අනුව අකුණු සන්නායක සොරකම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිද්ධිය අනාවරණය කළ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන්ගෙන්ද නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ප්‍රකාශ ලබා ගැනීමට (22) සහ (23) යන දිනයන් වල කටයුතු කර තිබිණ ,

මෙතෙක් සිදු කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම අකුණු සන්නායකය කෙරෙහි මීට පෙරද බාහිර පුද්ගලයන්ගේ ඇස යොමුව තිබූ බවයි.

මීට පෙර පිටතින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු මෙම අකුණු සන්නායකය පිළිබඳව සැකකටයුතු ලෙස තොරතුරු විමසා තිබීම හේතුවෙන්, 2014 නොවැම්බර් 06 වැනිදා එවකට සිටි තැපැල් ස්ථානාධිපතිවරයා විසින්ද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බව වාර්තා වේ.

- ආර්.එෆ්.එම්.සුහෙල්

Previous Post Next Post