ශ්‍රී ලංකාවේ සමස්ත මතුපිට උද්ධමන අනුපාතය ඉකුත් මාර්තු මාසයේ පැවති 2.4% සිට අප්‍රේල් මාසය වන විට 4.7% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය ඇසුරින් සකස් කළ නවතම මාසික වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර සිටී.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 මාර්තු මාසයේදී 210.9 ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, අප්‍රේල් මාසය වන විට 216.3 දක්වා වැඩි වී තිබේ.
මෙම මාසික වෙනස් වීම සඳහා ආහාර කාණ්ඩය මගින් 0.46% ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩය මගින් 2.08% ක දායකත්වයක් ලැබී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
එසේම, නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන "යටිදැරි උද්ධමනය" ද මාර්තු මාසයේ පැවති 198.6 සිට අප්‍රේල් මාසයේදී 202.2 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව,මෙරට පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 116.3% ක් ලෙස සටහන් වේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය තුළ 39.22% ක බර තැබීමක් සහිත ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% ක් ලෙස සටහන් වූ අතර, එහි මාසික වෙනස 1.8% කි.
එහෙත්, දර්ශකයේ වැඩිම බර තැබීමක් (60.78%) හිමි ආහාර නොවන කාණ්ඩයේ මිල මට්ටම් ඉහළ යාම මෙලෙස සමස්ත උද්ධමනය වැඩි වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මාසික වෙනස 2.6% ක් ලෙස වාර්තා වේ.


harak pattiyak dagena api widina dukak
ReplyDeleteලංකාවෙ මීහරක් මහජාතියට දැන් ශෝක් කරන්න පුලුවන් ජෙප්පො ඒක්කම
ReplyDeleteමේ ඇවිදින පුස්තකාලවලට තවත් කඩේ පලයල්ලා. වැඩබැරි සෙට් එකක් බලයට ගෙනත් රටට කරන විනාසේ. ඉතිහාසේ කිසිම දවසක මෙහෙම වැඩ බැරි ආණ්ඩුවක් නම් ලංකාවේ තියෙන්න නැතුව ඇති.
ReplyDeletewhere is Economics OSTHARLA?
ReplyDelete