පොහොර මිල යම් ප‍්‍රමාණයකින් ඉහල දාන්න වෙනවා...


 මෙරටට ආනයනය කිරීමට නියමිත නව පොහොර තොග සඳහා පෙර ගෙවන ලද මිලට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින්, ඉදිරියේදී වෙළඳපොළේ පොහොර මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

පොල්පිතිගම, රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පසුගියදා පැවැති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව නිලධාරීන් සහ ගොවීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මහ කන්නයේ වී වගා කටයුතු වෙනුවෙන් රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක සහන මිලට පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. 

ලෝක දේශපාලන හා යුද වාතාවරණය හමුවේ අසීමිත ලෙස ඉහළ ගිය පොහොර මිල පාලනය කිරීමත්, අතරමැදියන් විසින් ගොවීන් සූරාකෑම වැළැක්වීමත් මෙහි මූලික අරමුණ වී තිබේ.

රජය දැනට උපරිම සහනයක් ලබා දුන්නද, ජාත්‍යන්තර වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉදිරි පොහොර තොගවල මිල පාලනය කිරීම අභියෝගාත්මක විය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත්, ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම මිල පාලනයක් පවත්වා ගැනීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

6 Comments

  1. ඔව් ඒවා යුතුකම්. ඕගනික් පෝර වලින් සුගීශ්වරට නොමිළේම ගහපු එකත් වැරදී, ඒකට සුගීශ්වර ගෙන් මුදල් අය කර ගන්ඩ අවශ්‍යයි, ඒ වියදම දෙන තුරු ඔහු රිමාන්ඩ් කිරීමට කටයුතු කල යුතුයි.

    ReplyDelete
  2. උබලට නම් විලිලැජ්ජැව ඇත්තේම නැති තරම්.

    ReplyDelete
  3. උබලට නම් විලිලැජ්ජැව ඇත්තේම නැති තරම්.

    ReplyDelete
  4. Ehe wadiwenakota me wadikaranna topi mokatada parayo

    ReplyDelete
  5. උඹලා එලවන වෙලාවට දෙන ගුටිය ඉහළ දාන්න වෙනවා

    ReplyDelete
Previous Post Next Post