දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මේ දිනවල පැතිර යන 'එන්ටරෝ වෛරස මෙනින්ජයිටීස්' (මස්ථිස්ක පටල ප්‍රදාහය) රෝගයෙන් පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශනවලදී, පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් අතර පාසල් සිසුන් බහුලව සිටින බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෛරසය පාසල් සිසුන් අතර තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් සියලුම පිරිවෙන් සහ පාසල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම වෛරස් මෙනින්ජයිටීස් රෝගය වැළඳුණු රෝගීන් මුලින්ම වාර්තා වී ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙනි. කෙසේ වෙතත්, මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ. මෙම රෝගය වෛරසයක් මඟින් වැළඳෙන අතර, දරුවන් සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන් මෙහි වැඩි අවදානමකට ලක්වන බව පෙන්වා දී ඇත.
දූෂිත ජලය, ආහාර සහ අපිරිසිදු දෑත් මඟින් මුඛය හරහා ද, ශ්වසන බිඳිති සහ රෝගීන් සමීපව ඇසුරු කිරීම මඟින් ශ්වසන මාර්ගය හරහා ද මෙම රෝගය බෝ විය හැකිය.
හදිසියේ හටගන්නා උණ සමඟ පහත දැක්වෙන මොළයේ පටල ආසාදන ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම්, එම සිසුන් වහාම වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ යුතුය:
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් හා පිරිවෙන් දෛනික කටයුතුවලදී පහත සඳහන් සනීපාරක්ෂක පිළිවෙත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි:
දෑත් පිරිසිදු කිරීම: ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් හා ජලය යොදා හොඳින් දෑත් සේදීමට සිසුන් හුරු කිරීම.
විෂබීජහරණය: වැසිකිළි සහ දොර අගුලු, කරාම වැනි නිරන්තරයෙන් ස්පර්ශ වන පෘෂ්ඨ දිනකට 3-5 වතාවක් විෂබීජහරණය කිරීම.
වාතාශ්‍රය පවත්වා ගැනීම: පන්ති කාමරවල ජනේල සහ දොරවල් විවෘතව තබමින් ප්‍රමාණවත් වාතාශ්‍රයක් පවත්වා ගැනීම සහ අධික තදබදය වැළැක්වීම.
ශ්වසන ආචාරධර්ම: කැස්ස හෝ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය වැලමිට නමා හෝ ටිෂු කඩදාසි/ලේන්සු භාවිතයෙන් ආවරණය කිරීම. රෝග ලක්ෂණ පවතින සිසුන් මුහුණු ආවරණ (masks) භාවිතයට යොමු කිරීම.
විශේෂ ක්‍රියාකාරකම්: පාසල් තුළ දන්සල් සංවිධානය කරන්නේ නම් සෞඛ්‍ය අංශ ලබා දී ඇති "ආරක්ෂිත හා සනීපාරක්ෂක දන්සල්" මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර, ඒ සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) සම්බන්ධ කර ගත යුතුය.
පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ ආහාර සපයන පුද්ගලයන් ද දැඩි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ආහාර පිළියෙල කිරීමට පෙර ස්ථානය සහ උපකරණ සේදීම, ආරක්ෂිත පිරිසිදු ජලය භාවිත කිරීම සහ පිසූ ආහාර ආවරණය කළ භාජනවල ගබඩා කිරීම අනිවාර්ය වේ. යම් හෙයකින් ආහාර පිළියෙල කරන අයෙකුට රෝග ලක්ෂණ පවතී නම්, ඔවුන් වහාම එම කටයුතුවලින් ඉවත් කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පාසල් වල එහෙම මෙනින්ජයිටීස් ව්‍යාප්ත වෙලා නෑ, කෝකටත් කියලා පරිස්සම් වෙන්ඩ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙන්නේ. ඒවට කියන්නේ precautionary measures කියලා. ලිපියේ හෙඩින්ග් එක ලියලා තියෙන්නේ කොවිඩ් වගේ වයිරසයක් ආයෙමත් වරෝ වරෝ කියලා බලන් ඉන්න මුස්පේන්තුවෙක්.
ReplyDeleteපාසල් ළමුන්ට දැන් කොල්ලෝ ගහන්ඩ, ආප්ප ගහන්ඩ උගන්නන්නෙ නැද්ද JVP ආණ්ඩුව????
ReplyDeleteතවම ඒ දේවල් වෙනවා. ඉස්සෙල්ලම කොල්ලන්ට කෙල්ලන්ට පාසල්වලින් පැනල කැලේ පන්තියට එන්න කියනවා...ඊට පස්සෙසේ රතු සහෝදරයෝ සහෝදරියෝ එක පෙලට පොක පලන්න පටන් ගන්නවා...ඊට පස්සේ අලුතින් ආපු එවුන්ට අපහු සමාජයට යන්න බැරුව රතු ජවිපාවුන් සමග පාරවල්වල වේලි වේලි නාන්නේ නැතිව කොන්ඩේ වවාගෙන රවුල් වවාගෙන සෙරප්පු දාගෙන ටකරන් පින්ගනේ එකට පාන් නුය් හොදි කකා පාරවල්වල කැට හොල්ල හොල්ල හිගමනේ යනවා. උන්ගෙන් රටට වැඩකුත් නැහැ, උන්ගේ පවුල්වල උන්ට වැඩකුත් නැහැ සමාජයට වැඩකුත් නැහැ. උන්ව තමා 88-89 ටයර් උඩ හිටියේ...අපහු මුන් රොත්තම යවන්න තියෙන්නේ පච කොටා ඇතුළු නදයමත් එක්ක.
Delete