මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා යනු මේ රටට හිමි වටිනා වස්තුවක් බවත්, බිඳ වැටුණු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු සුවිශේෂී කැපකිරීමක් සිදු කළ බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝකයේ සෙසු රටවල් පවා ආර්ථික අර්බුද හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින පසුබිමක, ලංකාවේ බිඳ වැටුණු ආර්ථිකය වර්තමාන තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සමඟ එක්ව හර්ෂණ සූරියපෙරුම මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල් තවමත් ඉන්ධන පෝලිම් සහ පාසල් වැසී යාම වැනි ගැටලුවලට මුහුණ දී සිටින අතර, ලංකාව එම තත්ත්වයෙන් මුදා ගැනීමට මෙම නිලධාරීන්ගේ විශේෂ කැපවීම හේතු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය ජනවාරි මාසයේදී සිදු වූ බව කියන වැරදි ගෙවීම් සම්බන්ධයෙන් මුදල් කාරක සභාව හමුවේ කරුණු පැහැදිලි කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
යම් යම් මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මට්ටමින් මෙන්ම පොලිසිය මාර්ගයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දූෂිතයන්ට තොරතුරු ලැබීම වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි.
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව යනු ඉතා වැදගත් වගකීමක් සහිත ආයතනයක් වන අතර එය දේශපාලන පොරපිටියක් බවට පත් කර නොගත යුතු බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
රටේ සෑම රාජ්‍ය ආයතනයකම සිදුවන මූල්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමට මුදල් කාරක සභාවට ව්‍යුහාත්මක හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා විගණකාධිපතිවරයාට පූර්ණ බලය පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවත්, ඕනෑම වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

හා හා උමබෑ නොකිය හිටපං ගොනෝ, තියෙන හිල් ජංගියවත් ආරස්සා කොරගන්න බලාපං...
ReplyDeleteහප්පටවුඩු, මාර ජාතික වස්තු ටික, පච හැත්ත, පච වස්තු ටික! හොර වස්තු ටික!
Deleteමහින්ද හොරා එච්චරයි !
ඇමරිකාව ඉරානෙට ගැහුවට හපන්නෙ යකෝ ජෙප්පො රටේ සල්ලි වලට ගහන ගැහිල්ල. භාන්ඩාගාරෙ, dfcc බැංකුව, RDa, ගල් අගුරු, බොරතෙල් මේ ඔක්කොම වචාවල් අවුරුදු 2 ක් ඇතුලෙ කලේ. මුං 76 වසරෙ සාපෙ ගගානේ බත්කන හරක් 68 ලක්ශයක් අන්දවලා චන්දෙ අරන් පාර්ලිමේන්තුවට ඇවිත් සුද්දෙ දෙන්නෙ. කුමාර ඇතුළු පච හොර නඩේ රට හුන්ඩුවක් කරලා යයි අන්තිමට. බත්කන හරක්ට පිදුරුවත් කන්න ඉතුරු වෙන්නෙ නෑ මේ ආන්ඩුව හිටියොත් තව ටික දවසක්
ReplyDeleteහප්පටවුඩු, මාර ජාතික වස්තු ටික, පච හැත්ත, පච වස්තු ටික! හොර වස්තු ටික!
ReplyDeleteමහින්ද හොරා එච්චරයි !
MEHEMA ARTHAL DENNA EPA PLEASE
ReplyDeleteදන්නෝ දනිති. වැටී තිබූ ආර්තිකය අරගලයෙන් පස්සේ ගොඩ දැම්මේ රනිල් මහත්තයා. ඒක තමයි ඇත්ත. සත්‍යවාදී වෙයල්ලා.
ReplyDeleteඅම්මපා, තවත් ජාතික වස්තු තියනවාද?
ReplyDeleteඅම්මපා, තවත් ජාතික වස්තු තියනවාද?
ReplyDeleteවරාය ගොඩ දැම්මෙ මෙයා.
ReplyDeleteජවිපෙ හා සම්බන්ධ සියලු අය ජාතික වස්තු! පච වස්තු! ජවිපෙ පච ජාතක වස්තු!
ReplyDeleteතොපේ ඔක්කොම ගූ ගොඩවල්. ඒකනෙ කවදාවත්ම නැතුව උද්ඝෝෂණ වලට ගූ ගහන්න පටන්ගත්තෙ.
ReplyDeleteJeppanta giya kaladasawa? Mun serama Jathika Wasthu? Mewa kiyanakota Balloth Hinahawenawa.
ReplyDeleteතෝයි තොගෙ ගෑනිගෙයි හැකර කටවල් ලංකාවම ගද ගස්වනවා.
ReplyDeleteMugey moda tharka hama ekatama challenge karanna puluvan. Thanikara pissek. Handa pennuvama agille varadi hoyanava vagey.
ReplyDeleteගෙදර ගෙනියන්න පුළුවන් නේ. අරගෙන ගිහින් මල් පූජා කර ඉන්න.
ReplyDelete