කොත්මලේ මඩ සොරොව්ව අරී...


 දිට්වා සුලි කුණාටුවෙන් පසු (05) දින පස්වරුවේ විනාඩි 30ක පමණ කාලයක් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශෙයේ මඩ සොරොව්ව විනාඩි 30ක පමණ කාලයක් විවෘත කල බව එම ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

දිට්වා සුලි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයට විශාල වශයෙන් රොන් මඩ තැම්පත් වී තිබූ බවත්, ජලාශ වේල්ල අසළට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර, ජලාශයේ මඩ සොරොව්ව විවෘත කල බවත්, අවසන් වරට 2024 වසරේ ජලාශයේ මඩ සොරොව්ව විවෘත කල බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

ඉන් තත්පරයට ජලය ඝණ මීටර් 90ක් තරම් සුළු ජලධාරිතාවක් පිට වූ බවත්, මේ දිනවල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජලධාරිතාවය 27.7% දක්වා පහළ බැසි ඇති බවයි කාර්යභාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ  

2 Comments

  1. ඉතිහාසෙ පළමු වතාවට ජල ධාරිතාව අඩු වෙලා. ධාරිතාව පරිමාව නොදන්නා ගොන් යක්කු

    ReplyDelete
  2. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post