සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) 2.5% දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණයත් සමඟ, මැයි 01 වනදා සිට මෙරටට ආනයනය කරන සියලුම වාහනවල මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.
මෙම නව බදු සංශෝධනය හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන් මත අතිරේක මූල්‍ය බරක් පැටවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) ලේකම් උස්මාන් අලි මහතා සඳහන් කළේ, මීට පෙර 1.25% ක්ව පැවති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මැයි මස පළමු වනදා සිට 2.5% දක්වා දෙගුණයකින් ඉහළ දමා ඇති බවයි.
මීට පෙර තනි පුද්ගල ආනයනකරුවන්ට මෙම බද්දෙන් නිදහස් වීමට අවස්ථාව තිබුණද, නව නීතිය යටතේ ලියාපදිංචි ආනයනකරුවන් මෙන්ම තනි පුද්ගල ආනයනකරුවන් ද රේගු නිශ්කාශන අවස්ථාවේදී මෙම බද්ද ගෙවිය යුතු බව හෙතෙම පැහැදිලි කළේය.
මෙම බදු සංශෝධනය හේතුවෙන් වාහනයක් ඇණවුම් කරන අවස්ථාවේ පැවති මිලට වඩා, එය මෙරටට ළඟා වී නිශ්කාශනය කරන අවස්ථාවේදී අලුතින් පැනවූ 2.5% ක බද්ද ගෙවීමට සිදුවීම පාරිභෝගිකයන්ට විශාල බරක් වී තිබේ.
නව බද්ද පසුගිය වසරවල නිෂ්පාදිත වාහන සඳහා ද අදාළ කර ගැනීම නිසා වෙළඳපොළේ වාහන මිල සමස්තයක් ලෙස ඉහළ ගොස් ඇත.
මැදපෙරදිග පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ජපාන මෝටර් රථ වෙබ් අඩවිවල මිල ගණන් නිතර වෙනස් වීම ද මෙරට ආනයන මිල ගණන් තීරණය කිරීමට බාධාවක් වී තිබේ.
මෑතකදී මැදපෙරදිග කලාපයේ පැනනැගී ඇති යුදමය තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත අර්බුදය හේතුවෙන් ගෝලීය වශයෙන් තෙල් මිල සහ ප්‍රවාහන පිරිවැය ඉහළ යාම ද මෙරට වාහන මිල ඉහළ යාමට වක්‍රව බලපා ඇති බව විශ්ලේෂකයෝ පවසති.
මේ වන විට ජපානය වැනි රටවලින් ආනයනය කරන 2024 සහ 2025 වසරවල නිෂ්පාදිත වාහන සඳහා රේගුව මගින් ඉහළ අගයක් නියම කිරීමේ ප්‍රවණතාවක් ද පවතින බව උස්මාන් අලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලක්ෂ දොලහේ විට්ස් එක ?
ReplyDeleteදැනට මිලට ගන්න තියෙන හොඳම වාහනය Toyota hilux 2800cc කැබ් එක.
ReplyDeleteදැනට මිලට ගන්න තියෙන හොඳම වාහනය Toyota hilux 2800cc කැබ් එක.
ReplyDelete