බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර සිටියි. මෑත කාලීනව මාධ්‍ය මඟින් පළ වූ විවිධ අනුමාන කිරීම්වලට පැහැදිලි කිරීමක් එක් කරමින් ආණ්ඩුකාරවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය.
තමන් මුහුණ දී සිටින දැඩි කාර්යබහුලත්වය සහ වගකීම් සමබරව පවත්වාගෙන යාමේ අභියෝගය මෙම තීරණයට හේතු වූ බව ඒ මහතා පවසයි. ආණ්ඩුකාරවරයකු ලෙස පැවරී ඇති රාජ්‍ය තන්ත්‍රික වගකීම්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් මෙන්ම සිය පවුලේ වගකීම් ද සමබරව පවත්වාගෙන යාම මේ වන විට දැඩි අභියෝගයක් වී ඇති බැවින්, තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදී ද ජනාධිපතිවරයා වෙත දන්වා තිබූ බව හනීෆ් යුසුෆ් මහතා පෙන්වා දෙයි.
කෙසේ වුවද, පරිපාලන කටයුතු සුමට හා විධිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සහතික කරනු පිණිස, ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තමන් අඛණ්ඩව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
රට වෙනුවෙන් මෙවැනි වගකීම් සහගත ධූරයක් දැරීමට සහ දේශයේ ප්‍රගතිය උදෙසා දායක වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය කෘතවේදීත්වය පළ කරන බව පවසන ඒ මහතා, තමන් කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ද ස්තූතිය පුද කර සිටියි.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ද ජනාධිපතිවරයාගේ දැක්මට සහාය වෙමින් ක්‍රියා කරන බව හනීෆ් යුසුෆ් මහතා වැඩිදුරටත් කියා සිටියි.
ඒ අනුව, විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා, තමන් සතු ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.
දේශයට සේවය කිරීම සඳහා තමන් තුළ ඇති කැපවීම කිසිලෙසකින්වත් නොසැලී පවතින බව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

323 නිදහස් කරගත්තා ලොක්කා මාරු.
ReplyDeleteමොනවද බං ගෙනාපු සෘජු ආයොජන 😂😂😂 ඩොලර් එක 331 වැඩ බැරි ටාසන්ලා. 😂😂😂
ReplyDeleteමොනවද බං ගෙනාපු සෘජු ආයොජන 😂😂😂 ඩොලර් එක 331 වැඩ බැරි ටාසන්ලා. 😂😂😂
ReplyDelete