කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලික අංශයට..


 වරාය නැගෙනහිර පර්යන්තය (ECT) පෞද්ගලීකරණය කිරීම සඳහා රජය සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම උත්සාහයට එරෙහිව සියලු බලවේග ඒකාබද්ධ කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (PJTUA) අවධාරණය කරයි.

වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ, නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය සඳහා පිඹුරුපත් සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර මෙම පර්යන්තය පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු ලබා දුන් බව ද ඔවුහු සිහිපත් කරති.

පසුගිය අප්‍රේල් 29 වන දින මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති වැඩමුළුවකදී වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද දත්ත මගින් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ අවාසි පැහැදිලි කර ඇති බව වෘත්තීය සමිති පවසයි.

එහිදී අනාවරණය වී ඇත්තේ වසර 27 ක් පුරා පෞද්ගලික අංශය (SAGT) විසින් මෙහෙයවනු ලැබූ පර්යන්තයකින් රජයට ලැබී ඇති මුළු ආදායම ඩොලර් මිලියන 250 කට වඩා අඩු බවත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වුවහොත්, එහි පළමු මංතීරු 10 තුළින් පමණක් වසරකට ඩොලර් මිලියන 360 ක පමණ ආදායමක් උපයා ගත හැකි බවත්ය. පර්යන්තය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු වාර්ෂික ආදායම ඩොලර් මිලියන 700 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇත.

පර්යන්තයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය Straddle Carriers යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය වසර එකහමාරක් තිස්සේ ප්‍රමාද කිරීම, පර්යන්තය පෞද්ගලීකරණය කිරීම සඳහා මග සැකසීමේ කුමන්ත්‍රණයක කොටසක් බවට ද වෘත්තීය සමිති චෝදනා කරයි.

නැගෙනහිර පර්යන්තය මෙන්ම දැනට පෞද්ගලික අංශය සතු SAGT පර්යන්තය ද ගිවිසුම් කාලය අවසානයේ වරාය අධිකාරිය යටතට ගෙන මෙහෙයුම් සිදු කිරීම රටට වඩාත් වාසිදායක බව වෘත්තීය සමිති සන්ධානයේ ස්ථාවරයයි.

මේ සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වය විසින් විධායක නිලධාරීන් දැනුවත් කළ ආකාරයටම, වෘත්තීය සමිති සහ විධායක නොවන සේවකයන් ද දැනුවත් කිරීමේ වැඩසටහනක් වහාම පවත්වන ලෙස වෘත්තීය සමිති සන්ධානය වරාය සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.





2 Comments

  1. AKD ge kalu pukath puthgalika anshetada denne?

    ReplyDelete
  2. Lapaya going to sell sri lanka in 05 years. munta puke amaruwa thibbe anith aya karanakota.. mun karanakota puke amaruwa hoday... den ara SUDAA kiyana dobiya puka uda dagena mewa hoday onna....

    ReplyDelete
Previous Post Next Post