අධික වේගයෙන් ඇවිත් ආරක්ෂිත වැට උඩත් යයි..


 තලවකැලේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී මෝටර් රථය ආරක්ෂිත වැට උඩ නතර වී අනතුරක් සිදු වී ඇත.

(15) දින පස්වරු 3:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල මටුකැලේ මංසන්ධියේදිය.

ධාවනය වෙමින් තිබු මෝටර් රථය ඉදිරියට සුනඛයෙකු පැනීම නිසා සුනඛයා බේරිමට රියදුරු උත්සහ කිරිමෙදි මෝටර් රථය ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී මෝටර් රථය ආරක්ෂිත වැටේ නතර වී ඇත.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ආරක්ෂීත වැටට සහ මෝටර් රථයට අලාභ හානි සිදු වී ඇත.

පවතින අයහපත් කාලගුනයත් සමග මාර්ගය ලිස්සනසුළු බැවින් හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ   

Previous Post Next Post