කදුකර ජනතාවගේ ඉඩම් අයිතිය ඉල්ලා තලවාකැලේ නගරයේ සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත ලිපියක් භාර දීම සදහා කිලෝමීටර් 140ක දුර පා ගමනක යෙදීමට සැරසුනු 7 හැවිරිදි පාසල් සිසුවෙක් (20) දින ආරම්භ කල පා ගමන හැටන් නගරයෙන් නතර කිරිමට පියවර ගත් බව හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පෙරමුණ සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව මෙම පාසල් සිසුවා සහ ඔහුගේ දෙමව්පියන් එක කර ගනිමින් මෙම පාගමන සංවිධානය කර (20) දින තලවකැලේ නගරයෙන් උදෑසන පා ගමන ආරම්භ කෙරිණ.
තලවකැලේ ලිදුල නාගසේන සරස්වතී දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන, ලිඳුල ඉල්ඩන්හොල් වත්තේ (අංක 06 ලයිම) පදිංචි ප්‍රේමරාජා කාර්ගි නැමැති එම පාසල් සිසුවා තලවකැලේ, කොටගල නගර පසු කරමින් කිලෝමීටර් 21ක් ගෙවා හැටන් මල්ලිඅප්පු මංසන්ධියට පැමිණි අවස්ථාවේ හැටන් කොට්ඨාශ කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාරි විජේසිංහ මහත්මිය සහ හැටන් පරිවාස කාර්යාලයේ නිළධාරිනිය එම පාගමනේ යෙදුනු පාසල් සිසුවා සහ ඔහුගේ දෙමව්පියන් හැටන් නගරය වෙත කැදවා බාලවයස්කාර සිසුවෙකු යොදාගෙන මෙවැනි පා ගමනක් සිදු කිරිමට නොහැකි බව දැනුම් දී එම පාගමන නතර කිරිමට පියවර ගනු ලැබූවා.
හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ, මෙම පාගමන සංවිධානය කල සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්ථා කරන බවත්, පා ගමනට යොදා ගත් ළමයා පරිවාස නිළධාරින් හරහා එම සිසුවාගේ දෙමව්පියනට භාර දිමට කටයුතු කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

ලප කුමාරයා හදන්නේ වතු කරේ ලියලා දෙන්න . ජන්ද පොරොන්දුවක් නේ
ReplyDeleteපාස්කු ප්‍රහාරය කරේ රාජපක්ෂලා කියලා සලේ වමාරලා. දැන් මුන් බුමිතෙල් වැදුන ගැරඬි වගේ කුපිත වෙලා ඉන්නේ
ReplyDeleteඅනේ පලයං බං යන්න. උඹලා හිතන්නෙ මිනිස්සු උඹලා වගේ බූරුවො කියලද?
Deleteපිස්සුද යකෝ. එහෙම කියවගන්න කොච්චර නම් වධ දුන්නද ඒ මනුස්සයට. ඒත් ඒ මනුස්සයා එහෙම බොරු කියලා නැහැ. පාස්කු බෝම්බේ ගැහුවේ ඉස්ලාම් අන්තවාදීන් බව රටේ හැම එකාම දන්නවා. උඹත් දන්නවා. හැබැයි පල්ලියයි, උඹලයි හදන්නේ කොහොම හරි තමන්ගේ ප්‍රභාකරන් මරපු එකේ පලිය ගන්න. හැබැයි කර්ම විපාක පස්සෙන් එනවා උඹල හැමෝටම. හෙන හත ගහනව උඹලට. මොකද මිනීමැරෙන එක නතර කරපු එවුන්ට මේ කරන අපරාධ වලට. ලෑස්ති වෙලා ඉඳපල්ලා. උඹලට තව ගොඩක් කාලය ඉතුරු වෙලා නෑ. උඹල එක්ක දෙවියන් වහන්සේත් නැහැ.
Delete