මාලිමාවේ කිසිම කෙනෙක් හොරකං, වංචා, දුෂණ කරන්නෑ...


 ජාතික ජනබලවේගයේ කිසිදු අමාත්‍යවරයෙකු, මන්ත්‍රීවරයෙකු හෝ සභාපතිවරයෙකු දූෂණ ක්‍රියාවල නියැලී නොමැති බවත්, ඉදිරියට ද එවැනි දූෂණ වංචා සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කරයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ නියෝජිතයන් ලෙස තමන් කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවයි. 

පක්ෂයට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් දීර්ඝ කතන්දර සහ චෝදනා ඉදිරිපත් කළද, ජනතාව එම පදනම් විරහිත චෝදනා පිළිගැනීමට සූදානම් නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

"ජාතික ජනබලවේගය වංචාවෙන්, දූෂණයෙන් හෝ යටිමඩිකම්වලින් තොර බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. ජනතාව සහ අප අතර පවතින ප්‍රබලම බැඳීම වන්නේ එම විශ්වාසයයි," යනුවෙන් රණසිංහ මහතා මෙහිදී පැවසීය.

තමන් ජනතාව තැබූ එම විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බවත්, දූෂණයෙන් තොර පාලනයක් තහවුරු කිරීමට කැපවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය

8 Comments

  1. Oh my God, These people are old. Before elections, Npp thundered saying they will eliminate the old and bring the young to the parliament. What a crap!

    ReplyDelete
  2. තොපි ඔක්කොම පෝලිමට හිරේ යන්නෙ

    ReplyDelete
  3. horakama,jadakama,minimarum.ganu horen thiyan inna sallalakama.parapsithayo,kanna deyak nathi unama kata hari boru kiyalla rassavak kala vage keeyak hari illan gihin ,kotipathiyo vage loku talks denna mun mara daksai, no argument for that

    ReplyDelete
  4. අනේද කියන්නෙ!

    ReplyDelete
  5. හිරිකිතයක් නැතිව බොරුකියන මේවගේ රොඩියො ටිකක් මීට පෙර දැක නැත.
    කණගාටුව ඒවට රැවටෙන මෝඩරැළකුත් සිටීම.

    ReplyDelete
    Replies
    1. රොඩියොන්ට අපහාස කරන්න එපා, ඒ මිනිස්සු බොරු කියන්නේ නෑ

      Delete
  6. ප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ ත්‍රාඩයෝ .......ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි

    ReplyDelete
  7. හොරකම තව හොඳයි. නොහැකියාව නිසා පෝලිමට අපේ සල්ලි නැතිකර ගන්නවා කියන එක තමා දුක. සල්ලිත් නැති වෙනවා. වැඩ කෙරෙන්නේත් නැහැ. කලින් එවුන් නම් හොරා කෑවා කිව්වට වැඩත් කෙරුනා.

    ReplyDelete
Previous Post Next Post