ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දමමින් දේශීය ආර්ථිකය හැකිළීමට පියවර ගත යුතු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, පොලී අනුපාත වැඩි නොකර සහ ආර්ථිකය හැකිළීමකට ලක් නොකර වත්මන් තත්ත්වය පවත්වාගෙන යන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාරිය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
වයඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රුපියල තවදුරටත් ක්ෂය වීම වැළැක්වීමට නම් ආර්ථිකය හැකිළීම අත්‍යවශ්‍ය වන බවයි.
වත්මන් තත්ත්වයට ගැළපෙන පරිදි මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කළ යුතුය. ආර්ථික කටයුතු හැකිළීම හරහා ඩොලර් සඳහා පවතින ඉල්ලුම පහත වැටෙන බැවින්, රුපියල පිරිහීම තාවකාලිකව නතර කරගත හැකිය.
2022 වසරේදී මෙරට ඇති වූ දරුණු ආර්ථික අර්බුදයේදී ද පොලී අනුපාත ඉහළ දමා ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගත් අතර, මෙම අවස්ථාවේදී ද අනුගමනය කළ යුත්තේ එම ක්‍රියාවලියම වේ.
මහ බැංකුව ඉදිරියේදී සිදුවන දේ පිළිබඳව වෙළෙඳපොළට පැහැදිලි චිත්‍රයක් ලබා දිය යුතු අතර, රුපියලේ කඩා වැටීම පාලනය කරන ආකාරය ද පැහැදිලි කළ යුතුය.
රජය විසින් කඩිනමින් වෙළෙඳපොළට ඩොලර් සැපයුමක් මුදා හැරිය යුතුය. මෙරට සතු සංචිත ප්‍රමාණවත් නොවන බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ආයතනවලින් ලැබෙන මුදල් වෙළෙඳපොළට දැමීමෙන් ඩොලරයේ අගය ඉහළ යෑම තාවකාලිකව නැවැත්විය හැකිය.
ඩොලරයේ අගය දිගින් දිගටම ඉහළ ගියහොත් ආනයන වියදම් ඉහළ ගොස්, අවසානයේදී උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යෑමත්, වෙළෙඳපොළ තුළ අවිනිශ්චිතතාවක් නිර්මාණය වීමත් සිදු වේ.
දිරිද්රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ මෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරන්නේ පවතින විදේශ සංචිත වෙළෙඳපොළට මුදා හැරීම මහ බැංකුවට කළ හැකි එකම දේ වුවත්, එයින් තවත් ගැටලු රැසක් උද්ගත විය හැකි බවයි.
වත්මන් රජයට වහාම කළ හැක්කේ ආනයන සීමා කිරීම පාලනය කිරීම පමණි. රජය විසින් නිර්මාණය කිරීමට පොරොන්දු වූ "නිෂ්පාදන ආර්ථිකය" ආරම්භ කර තිබුණේ නම් මෙවැනි තත්ත්වයකදී යම් ස්ථාවරත්වයක් ලබාගත හැකිව තිබූ නමුත්, ප්රශ්නය උග්‍ර වන තෙක් රජය බලා සිටීම ගැටලුසහගතය.
රුපියල අඛණ්ඩව පිරිහීම වැළැක්වීම සඳහා අවසාන විසඳුම ලෙස පොලී අනුපාත ඉහළ නංවා ආර්ථිකය හැකිළිය යුතුම වේ.

Arthikaya hakuluwama ko komis. Api walapallata unta komis ekathami lankawe arthika niyaya.
ReplyDeleteethiewunta komis nethi evunta pakis. menna arthika niyaya.
ReplyDeleteආණ්ඩුව JVP ද unp දැන් අදාළ නෑ. මේ ආණ්ඩුව unp එකට වඩා හොඳටම එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්වා. මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. මොකද imf ගිවිසුම නිසා. Me ක්‍රමය වෙනස් කරලා ඉදිරියට යන්න කොහොමත් බෑ. ගැටළු ගොඩක් ඇති වෙන්න පුළුවන්. මේ මගේ මතේ.
ReplyDeleteහරියට හරි. මහින්දලගෙ කිසි දැක්මක් නැති අසීමාන්තික වියදං, තේරුමක් නැති සංවර්ධන වැඩ, බොරු අටෝප, හොරා කෑම වගේ වැඩ නිසා ආර්ථිකය තුල ණය වලට සාපේක්ෂව අදායම් උපදවන වත්කම් ඉතාමත් අඩු ප්‍රතිශතයකින් තියෙන්නෙ. ඔස්ට්‍රේලියාව ගත්තොත් ණය ට්‍රිලියන එකයි වත්කම් ට්‍රිලියන 300 යි. අදායම ට්‍රිලියන 2ත් 3ත් අතර.
Deleteලංකාවේ මුළු අදායම බිලියන 85 යි. නය බිලියන 34 යි. වත්කම් - අලි ගහන එයාපෝට්, පත නෙලුම් කණු, යන්තන් වාහන ටික ගේන්න විතරක් තියෙන තඩි වරායවල්, ටැට්ටර් යන ලේන් පහේ පාරවල්. හයියෝ. මොන කරුම කාලකන්නි ජීවිතද
ඈ බොළ ගොන් ඩෝබියෝ, යකෝ මේ රටේ සංවර්ධන ව්‍යාපෘති ඇතිවෙන්න තිබුණා තොපි වැළලිලා යහපාලනේ ගෙනල්ලා ඒ ඔක්කොම කෑවා. තොපේ මහ එවුන් මේක ණයක්ද මේක සොච්චම් ණයක්නෙ ගාලා පඩ ෂෝ දාලා බලය ගත්තේ තොපිට මෙහෙම කෙඳිරි ගාන්නද? යකෝ අර රනිල් වාහන ගෙන්නන ඒවා නැවැත්තුවාම උඹලගේ ගොන් හැත්ත චන්ඩි වගේ ඒවා ඔක්කොම නැති කරා නේද? තොපේ මහ එවුන් ආවට පස්සේ ණය බිලියන කීයක් අරන් තියනවද? තොපේ එවුන් කරපු එක සංවර්ධනයක් කියපන් බලන්න පොර ටෝක් දෙන්නේ නැතුව. කන්ටේනර්, ගල් අඟුරු වලින් ගහපු ගැහිලි කොහොමද? යකෝ අනිත් ආණ්ඩු උඹලා වගේ ඇඬුවේ නෑ මොනවා හරි වැඩක් කරා, උඹලගේ යහපාලනේ සහ දැන් ආණ්ඩුව කරන්නේ ඇඩිල්ලයි, පච විදින එකයි කෝටි ෆෝම් කරන එකයි විතරයි. මේවා දැකලත් හුරේ දාන උඹලගේ තමයි කාලකන්නි ජීවිත...
Deleteකුක්කෙක්ට කක්ක ගිහිං. කලබල වෙන්න එපා. තව අවුරුදු 15ක් 20ක් මේ ආණ්ඩුව කරගෙන යද්දී බලන්න සංවර්ධනය. දැනටත් බිම් මට්ටමට බැහැල බලන්න කුක්කා මිනිස්සු මොකද කියන්නෙ කියල ආණ්ඩුව ගැන. කොහොම උනත් මේ මැන්ඩෙට් එක තියෙන්නෙ කාලකන්නි හැත්ත ඇතුලට දාල ආර්ථිකේ පොඩ්ඩක් ඔලුව කෙලින් කර ගන්න. සන්වර්දනේ සන්වර්දනේ කියල එකක් මිනිස්සු මේ වෙලාවේ ඉල්ලන්නෙ නෑ. එහෙම ඉල්ලන්නේ උඹල වගේ ශයිලොක්ල. කජු ටිකක් කාල පුක් පාරක් දාගෙන ඉන්න මෙයා කරදර නොකර
Deleteඅඩේ ගූ බයියා, මොනාද බං යහපාලනය එනකොට කර කර තිබ්බ සංවර්ධනේ? කපුටු මාලිගා, මයින පැටවූ බඩු ගහන ඒවා, සිරිපිනා මේරි භක්ති ගී වගේ එව්ව ද?
Deleteඔව් දැන් මුන්ට කියන්න දෙයක් නෑ. මහ උන් අදද හෙටද නෑ ඇතුලේ.
Deleteමුන් හාමතේ. ඉතිං බුරා හැළෙනව