ශිරන්තිට තවත් නඩුවක් කැරකේ.. දැයට කිරුලේ වංගුවක් ගැන අල්ලසෙන් පරීක්‍ෂණ..


 2012 සහ 2013 වර්ෂවලදී පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනවලදී රුපියල් මිලියන 700කට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය එවකට ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් දොළොස් දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

2012 අනුරාධපුර මායාකඩුවදී සහ 2013 අම්පාර හාඩි විද්‍යාලයේදී පැවැත්වුණු එම ප්‍රදර්ශනවලදී උක්ත රාජ්‍ය නිලධාරීන් පිරිස තමන්ට හිතවත් සමාගම් සමග එක්ව මෙලෙස රාජ්‍ය මුදල් වංචා සහගත ලෙස අවභාවිතට ලක් කර ඇති බවට, ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය’ කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් කොමිසම මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත.

මෙම මුදල් අවභාවිත සම්බන්ධයෙන් චෝදනා ලත් එවකට ඇමැති රංජිත් සියඹලාපිටිය, හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ පවුල, ජගත් ප්‍රනාන්දු (ඇමැති සම්බන්ධීකරණ ලේකම්) සිරිසේන අමරසේකර (හිටපු අගමැති ලේකම්) උදය සෙනෙවිරත්න (හිටපු ජනාධිපති ලේකම්), බී. ඒ. තිලකරත්න (හිටපු භෞතික සැලසුම් දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්) එච්. එම්. ගුණසේකර (විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ හිටපු ලේකම්) පී. බී. අබේකෝන් (හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්) මහින්ද සෙනෙවිරත්න (දිස්ත්‍රික් ලේකම් අනුරාධපුර) එස්. එම්. පී. යූ. සෙනරත් (හිටපු සහකාර ලේකම් විදුලි සංදේශ අමාත්‍යාංශය), ආර්. එම්. ආර්. ප්‍රේමසිරි (ප්‍රවාහන හා මහා මාර්ග ලේකම්), එම්. එම්. පී. ෆර්ඩිනැන්ඩු (විදුලිබල බලශක්ති ලේකම්) යන මහත්ම මහත්මීන්ට එරෙහිව, මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2026.01.12 දා කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු වෙත ලිඛිතව දන්වා තිබේ.

සුජීව තත්සර
Divaina

7 Comments

  1. මේ වගේ සිල්ලර නාටක වලින් රටේ ගැටලු විසදන්න බැහැ. මිනිස්සු එදා දවස ජීවත්වෙන්න බැරුව තටමනවා. දවසින් දවස බදු වැඩි කරනවා, තෙල්මිල වැඩි කරනවා, වීදුලි ගාස්තු වැඩි කරනවා. බඩුමිල ඉහලටම යනවා. මිනිස්සු වැලේ වැල් නැතුව ඉන්නේ. එහෙව් මිනිස්සුන්ට රාජපක්ස නාට්ටි පෙන්නලා වැඩක් නැහැ.

    ReplyDelete
  2. කාලකන්නි ජෙපි ආන්ඩුව.දිට්වා වලින් අසරන මිනිස්සු තාම කූඩාරම් වල. මුන් දඩයමේ යනවා බොරුවට.

    ReplyDelete
  3. ආණ්ඩුව හිතන් ඉන්නේ රාජපක්ෂ කවුරු හරි අල්ලල හිරේ දැම්මම රටේ ප්‍රශ්ණ සේරම විසඳෙනවා කියල වෙන්න ඇති.

    ReplyDelete
  4. 2026 ජනවාරි වලම කරපු කන්ටේනර් පන්නපු එකේ පැමිණිල්ල ගැන අල්ලස් එකේ එව්වෝ මීක් නෑ.ඊට ඉස්සෙල්ලා පොට්ට වසන්තයාගේ හාල් ලුණු ලූනු හොරකම් ගැන සද්දයක්වත් නෑ.බාල ගල් අඟුරු පැමිණිල්ල ගැන පැමිණිල්ලක් හම්බ වුනේ නෑ වගේ.හොරෙන් පන්නපු සල්ලි ගැන පැමිණිලි කතාකරල වැඩක් නෑ.ආණ්ඩුව වෙනස් කරපු ගමන් පට්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම අල්ලස් රංගයව.

    ReplyDelete
  5. චෝදනා කරන කොට හෙන සද්දේ. උන්ටම හරියන තුන් හුලස් මාධ්‍ය එහෙමත් ඉන්නවනේ තලු මර මර කියන්න. ඊට පස්සේ මීක් නෑ. උනුත් දන්නවා මේ බොරුව කරන්නේ කියල.

    ReplyDelete
  6. Puravasi balayata penne Rajapakshalage ewa witharada

    ReplyDelete
  7. Aanduwa kelawaganna hama waarayak ganema..rajapaksha kenek koheta hari enna kiyala prshna karanwa..dobila sathutu karanna saha rate minissu thawath rawattanna hithagena gahana game thamai ithin...bankoloth anduwe singithi wada.

    ReplyDelete
Previous Post Next Post